බන්ධනාගාරවල ආරක්ෂාවට යළිත් STF කැඳවයි.

Covid-19 Police
By Thaya Feb 11, 2021 02:30 PM GMT
Report

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ. ඒ අනුව, මූලික අදියරේදී බන්ධනාගාර කිහිපයක පමණක් විශේෂ කාර්යය බළකා නිලධාරීන් රාජකාරී කටයුතු සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා, "කොවිඩ් තත්ත්වය මත බන්ධනාගාර පරීක්ෂාකිරීම්වලින් තාවකාලිකව ඈත්ව සිටි පොලිස් විශේෂ කාර්යය බළකාය නැවත කොළඹ වැලිකඩ බන්ධානාගරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන තුනට නැවත ස්ථාපිත කළා. ඒ අනුව බන්ධනාගාර තුළ සිරකරුවන් සෝදිසි කිරීම සහ නිලධාරීන් සොදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය අද සිට ක්‍රියාත්මක වෙනවා.“