යාපනයේදී STF වෙඩි හුවමාරුවකින් පුදගලයින් දෙදෙනෙකුට බරපතලයි..

Police Jaffna Hospital STF Atack
By Aruna Apr 16, 2021 05:50 AM GMT
Report

විශේෂ කාර්ය සාධක බලකාය විසින් යාපනය - පොයින්ට් පේද්‍රෝ - මුලි හි සිදු කළ වෙඩි හුවමාරුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මෙම සිද්ධිය අද අලුයම සිදුව තිබේ. මෙම වෙඩි තැබීම නීති විරෝධී වැලි කැණීම්වලට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින්ට එරෙහිව ය.

තුවාල ලැබූ දෙදෙනා පයින්ට් පේද්‍රෝ මූලික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

ඔවුන් තුන්නලෙයිහි පදිංචිකරුවන් යැයි කියනු ලැබේ.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පයින්ට් පේද්‍රෝ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.