වසංගත තත්ත්වයේ වෙනසක් වුණොත් නීති දැඩි කිරීමට පියවර...

Law
By Thaya Mar 20, 2021 12:04 PM GMT
Report

එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශයන් ඉදිරි කාලය තුළ නිකුත් කිරීමට පියවරගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළ ද ඊට ජනතාව අනුගත නොවුනහොත් යළිත් නීති දැඩි කිරීමට සිදුවනු ඇති බවය.

"එළඹෙන උත්සව සමය නිසා ජනතාව කඩ සාප්පුවලට යනවා. ඉතින් උත්සව සැමරීම සෞඛ්‍ය පුරුදුවලට අනුකූලව සැමරීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය උපදෙස් ළඟදීම නිකුත් කරන්න බලාපොරොත්තුවෙනවා. වසංගත තත්ත්වයේ වෙනසක් වුණොත් එම සියලුම දේවල් නැවත වරක් අපි වෙනස් කරන්න බලාපොරොත්තුවෙනවා. ලිහිල් කිරීම් වගකීමෙන් භුක්ති විඳින්න අවශ්‍යයි. නැතිනම් නැවත වරක් නිරෝධායන රීති මුලින් තිබුණු තත්ත්වයටම ගේන්න වෙයි."