සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට පියවර- වැඩි විස්තර ?

Breadtalk
By Thaya Mar 17, 2021 07:15 PM GMT
Report

RIL ප්‍රොපර්ටි පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ප්‍රොපර්ටි පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්.

ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ ‍මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව RIL ප්‍රොපර්ටි පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්.