දරුණු තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපතිගෙන් ප්‍රකාශයක්...රේගුවේ සියලුම නිලධාරීන්ට තදින්ම කියයි

President
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Thaya

Thaya

Report

රේගු දෙපාර්තමේන්තුව මෙරට විශාලතම දූෂණ චෝදනා එල්ල වන තැනක් බව බවත් එම චෝදනා බොහෝ ඒවා ඇත්ත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

තමන් ඒ හේතුවෙන් එහි ප්‍රධාන තනතුරට හමුදා නිලධාරියෙක් පත් කළ නමුත් ඉදිරියේදී දරුණු තීරණ ගන්න සිදුවන බවත් ඒ මහතා පැවසීය.

රේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කිරීමට සිදු වුවහොත් තමන් එය සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කළුතර වලල්ලාවිට දී පැවති ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.