පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

President
By Thaya Mar 07, 2021 08:54 PM GMT
Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද පැවැති ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක් වෙමින්. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ අගරදගුරු පදවිය විසින් හෙට දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදීයී. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනතාව අමතමින් අද ප්‍රකාශ කලේ කියා සිටියේ, ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් ඇතැම් දේශපාලනඥයින් වාසි අපේක්ෂාවෙන් විවිධ ප්‍රයෝජන ගැනීමට උත්සහ දරන බවයි. අප්‍රේල් 21 සිදුවූ ඛේදවාචකයට හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව සමස්ථ රජයම වගකිව යුතු බවත් මෙම සිද්ධියට වත්මන් රජය වගකිව යුතුයි යනුවෙන් නගන අභූත චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කලා.