හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ පාසල් එන සතියේ ආරම්භ කීරමට තීරණයක් .

School
By Thaya Jan 18, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

පාසල් පසුගියදා (11) නැවත විවෘත කිරිමේන් පසු ශිෂ්‍යින් පැමිමේ ප්‍රතිශතය 59% කි. ගුරුවරුන් 88% ක් පැමිණියහ. මේ තමා ආරම්භය. ක්‍රමක් ක්‍රමයෙන් දෙමාපියන්ගේ දූදරුවන්ගේ විශ්වාසය වර්ධනය වීම සමඟ ප්‍රතිශතය වැඩිවෙනවා . මෙයින් පෙනෙනවා දෙමාපියන්ගේ දු දරුවන්ගේ උද්යෝගයක් තියෙනවා කියලා.

ළමයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සූදානම්. විවේචනයට භයේ අවධානමක් තියෙනවා කියලා දිගින් දිගටම පාසල් වහලා තියන්න බෑ. ඒ සම්පූර්ණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ පැහැදිලි සැලැස්මක් සමඟ. පාසල් වසා දැමීමට ගිය අවුරුද්දේ නොවැම්බර් 23 හුදකලා වු පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර අනෙක් පාසැල් 6 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති අපි පටන් ගත්තා. මේ අවුරුද්දේ ජනවාරි 11 වන දින පළමු වසරේ සිට 5 ශ්‍රේණිය දක්වා හා ප්‍රාථමික අංශ ආරම්භ කිරීමට අපි සමත් වුණා. එන සඳුදා (.25) බස්නාහිර පළාතේ 11 ශ්‍රේණිය ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාව අද බත්තරමුල්ල වොටර් එජ්හි පැවැති අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක්වු අධ්‍යාපන ඇමතිවරයා , සාමාන්‍ය පෙළ විභාගය සුදානම් කරලා තියෙන නිසා. බස්නාහිර පළාතේ එනම් කොළඹ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක 03 හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් පාසල් විවෘක කිරීමට හැකි බව පේනවා. පැහැදිලිව පෙනෙනවා බස්නාහිර පළාතේ හුදකලා කර පාසල් හැර සෙසු පාසැල් ආරම්භ කරන්න අපිට පුළුවන් වුණා.දවස් දෙකකින් සාකච්ඡා කිරීමට අපි සුදානම් ජනාධිපති, සෞඛ්‍ය අංශයේ බලධාරින් සමඟ කතා කරන්න. අනිද්දා සාකච්ඡාව අමාත්‍යාංශ ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, කාර්ය බලසාධකයේ සාමජකයින් හා බස්නාහිර පළාතේ අණ්ඩුකාර සමඟ. සති දෙකක් කාලයක් තුළ බස්නාහිර පළතේ පාසැල් සියලුම දිස්ත්‍රික්කයන්වල සම්පූර්ණයේන් ආරම්භ කිරීමට සම්පූර්ණ සැලැස්මක් සැකසිමයි ප්‍රධාන අරමුණ.

පෙබරවාරි මාසයේ මුල් සතියේ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද එන්නත අපේ භාවිතා කිරීමට අපි විශ්වාස කරනවා.පෙබරවාරි දෙවන සතියේ බලාපොරොත්තු වෙනවා. සියලුම බලධාරින් සමඟ සාකච්ඡා කරලා දිස්ත්‍රික්ක 03 ම පංති පටන් ගැනීමට කාලය ඇවිල්ලා තියෙනවා.අපේ අභිලාශය එයයි. අනෙක්කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදමය. 2021 සම්පූර්ණයෙන් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එය ක්‍රියාත්මක කිරීමයි මේ වර්ෂයේ අවසානයට පෙර ක්‍රියාත්මක කිරීමට අපේ රජය සූදානම්.20 වැනි සංශෝධනය කිසිසේත් අවසාන පියවරක් නෙවේ.මේ ආරම්භ පියවරක් ය. අලුතෙන් පත්වු රජයේ මැතිවරණ ප්‍රකාශය මේ රජයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂණිකව අවශ්‍ය වේ. ජනතාවට දුන් ප්‍රතිඥා ඉටු කිරිමේ වැඩපිළිවෙල. ක්ෂණිකව අවශ්‍ය වු සංශෝධන පමණයි 20 වැනි සංශෝධනයට ඇතුලත්කරලා තියෙන්නේ.ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ජනතාවගේ අපේක්ෂා ඉටු කරලා එයින් ඔබ්බට යැමයි. අපිට අවශ්‍ය දැන් අංග සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.

වනජීවි අමාත්‍ය සී.බී.රත්නායක මහතා අදහස් දක්වමින්, කොවිඩ් වසංගත නැති කිරීමටජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය අංශයේ නිලධාරින් මහත් දැඩිව කැපවෙනවා.

මේ වසංගතය නිසා අවුරුද්දක කාලය තුළ ආර්ථිකය, සමාජීය ත්තවයන් කඩා වැටිලා තියෙනවා. මේ ත්තවය තව තවත් කඩා වට්ටන්න හදනවා. සංචාරක කර්මාන්තය අවුරුද්දක් තිස්සේ මුකුත් කරන්න බැරි වුණා. ආර්ථික උත්පාදනය පහත වැටුණා. පසුගිය දවස්වල යුක්රේන් සංචාරකයින් මේ රටට පැමිණිමෙන් අපේ සංචාරක

කර්මාන්තයට යම් අවස්ථාවක් සැකසි තියෙනවා. ඔවුන් නිරෝධායනය කරමින් කටයුතු කරමින් විපක්ෂය හැටියට විපක්ෂය අය දෝෂ දර්ශනයට කටයුතු කරමින් ආණ්ඩුවට දෝෂ දර්ශනයට ලක්කරන්නහදනවා. මේ අයට ඕන රට වහන්න.සල්ලි නෑ කිය කිය එයින් කාලකණ්ණි සතුටක් ලබනවා.අන්දෝලාත්මක කතාව වන්නේ නැගෙනහිර පර්යන්තය ගැන. අපේ රටේ හිටුපු මුදල් ඇමතිවරයා, විදුලි සංදේශ ඇමතිවරයා වන මංගල සමරවීර මැතිතුමා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව

ගන්නේ පියවර හරි කියලා සතුටක් ලබනවා. මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියාවන් දැන් ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මනාප ක්‍රමය තුළත් කටයුතු කරද්දි දේශපාලනඥ්ඥයෝ තමයි හොරු කියන්නේ. ඒ වගේ අයත් ඉන්නවා. අපේ ඒකායන බලාපොරොත්තුව සෞභාග්‍යයේ දැක්මයි. දුප්පත්කම දුරලා සමාජයක්

ගෙඩනගලා දක්ෂයන් ඉස්සරහට ගෙන්වන්නයි. ඒ නිසා තමා ගම සමඟ පිළිසඳරක් වැඩසටහන තුළ දුෂ්කර පළාතවල දුෂ්කරභාවය නැති කරන්න පුළුවන් වුණා.

ReeCha