පාසල් දරුවන්ට මුඛ ආවරණ ලබාදීම දැන්වත් අරඹන්න

Covid-19 Masks
By Thaya Jan 25, 2021 07:16 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ව්‍යාප්තිය වැඩිම ප්‍රදේශයක පාසල් ආරම්භ කිරීමේදී දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් රජය විශාල අවධානයක් දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ පාසල් පද්ධතිය තුලින් කොවිඩ් ආසාධිතයින් හමුවීමේ ප්‍රවණතාවක් ඇතිවුවහොත් එය විශාල අර්බුධයක් විය හැකි බවයි.

එමෙන්ම පාසල් දරුවන්ට ප්‍රමිතිගත මුව ආවරණ ලබාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ස්ටාලින් මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.

පසුගියදා පාසල් ආරම්භ කිරීමෙන් පසු සිසුන් 20ක් පමණ කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙන බවත් එම හේතුවෙන් දෙමාපියන් හා ගුරුවරුන්ද ආසාදිතයන් බවට පත්ව තිබීම මෙහිදී දැක ගැනීමට හැකි වූ බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.


ReeCha