"..අපි එක ඇඳක නිදා ගත්තා කියලා විවාහය රැකුණේ නෑ..ගුටි කකා.. මම ආසයි ආයෙත් විවාහ වෙන්න.." - ශ්‍රීමාලි ෆොන්සේකා.(PHOTOS/VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi May 06, 2023 04:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ, අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් . ඒ වගේම ඇය නර්තනයටත් ඉතාම දක්ෂයි. ඉතින් දැන් ආදරණීය දියණියත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුණා.

කොහොම නමුත් ඇයගේ විවාහය ඇය හිතලා ගත්ත තීරණයක් නෙවෙයි කියලයි ශ්‍රීමාලි නම් කියන්නේ. මොකද ඒක ඕන වුනේ ඇයගේ දෙමව්පියන්ටලු. ඒ වගේම ඇය විවාහ වුනේ අවුරුදු 20න් කියලත් ඇය කියනවා. ඉතින් අවුරුදු 20ක් වගේ පොඩි වයසකින් කසාද බඳින එක හොඳ දෙයක් නෙවෙයි කියලයි ඇය නම් කියන්නේ. මොකද ඒ වයසේදී තමයි හැමෝම වගේ ලෝකය ගැන සමාජේ ගැන තේරුම් ගන්නේ.

ඉතින් ඒ දැනුම නැතුව විවාහ වුනාම ඒ පවුල් ජීවිතේ සාර්ථකව ගෙනියන්න අමාරුයි කියලයි ඇය කියනවා. ඒ වගේම ඇය පුංචි කාලේ ඉදන්ම ගොඩක් ආසාවෙන්ලු හිටියේ අම්මා කෙනෙක් වෙන්න. ඉතින් ඇයට ඒ අවස්ථාව ලැබුණා එක ගැන අදටත් ගොඩක් සතුටු වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඒ කාලේ ඇයට ලොකු වයසක් තිබුනේ නැති නිසා පොඩි බයකුත් තිබුණාලු ඇයට අම්මා කෙනෙකුගේ වගකීම් ගන්න පුළුවන් වෙයිද කියලා.


ඒ වගේම අද සමාජය තුල එක පාරටම විවාහයකට ගිහින් ජීවිතේ වැරැද්ද ගන්නවට වඩා තමන් ආදරය කරන කෙනාව ටික කාලයක් ආශ්‍රය කරලා දැන හඳුනා ගන්න පුළුවන් ලිවින් ටු ගෙදර් සංකල්පය ගොඩක් හොඳ දෙයක් කියලයි ශ්‍රීමාලි නම් කියන්නේ. එතකොට දික්කසාද එහෙමත් ගොඩක් අඩු වෙයි කියලත් ඇය කියනවා. මොකද අපේ රටේ දෙන්නෙක් ඩිවෝස් වෙනවා කියන එක ලොකු අවනම්බුවක් විදිහට දකින නිසා. ඉතින් තමන්ට ගැලපෙන හොඳම කෙනා තෝරාගන්න පුළුවන් වුනානම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම අම්මටයි තාත්තටයි එකට ඉන්න බැරිනම් දරුවට පේන්න එක ඇඳේ නිදා ගත්තා කියලා ඒක දරුවට කරන සාදාරණයක් නෙමෙයි කියලත් ඇය කියනවා. ඉතින් විවාහයක් රැක ගන්න විස්වාසය කියන දේ ගොඩක් වටිනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය අමාරුවෙන් හරි තීරණයක් අරන් දික්කසාද වුණා නිසා අද වෙනකොට අමරුය්වෙන් හරි ජීවිතේ ඉස්සරහට ගිහින් දිනන්න පුළුවන් වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඉදිරියේදී හොඳ කෙනෙක් ලැබුනොත් අනිවාර්යයෙන්ම විවාහ වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGallery
ReeCha