MICE සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම BMICH ආයතනය සමග ගිවිසුමකට .....

BMICH Srilankan Airlines
By Thaya Feb 10, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය හි ශ්‍රීලංකන් හොලිඩේස් අංශය සහ BMICH ආයතනය දිවයිනේ MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා අද සිට නව ගිවිසුමකට එළඹ තිබේ. මෙරට ප්‍රධාන පෙළේ ක්ෂේත්‍ර දෙකක පුරෝගාමීන් දෙදෙනෙකු අතර ඇතිකරගත් මෙම නව ගිවිසුම මඟින් අනාගතයේ දී ශ්‍රී ලංකාව ප්‍රධාන MICE ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

BMICH යනු බහුවිධි ජාත්‍යන්තර සමුළු සහ සම්මන්ත්‍රණ ඇතුළුව ඕනෑම ආකාරයක ප්‍රදර්ශනයක්, හෝ විවාහ මංගල්‍යයක් පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සහිත ප්‍රමුඛතම සංකීර්ණයකි.

ප්‍රධාන වෙළඳපලවල්වල MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා BMICH විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විනෝද සංචාරක අංශය වන ශ්‍රීලංකන් හොලිඩේස් සමඟ මෙලෙස ගිවිසුමක් අත්සන් කරන ලදී. එමගින් BMICH ආයතනය ඔවුන්ගෙන් ලබාගන්නා පහසුකම් සඳහා සුවිශේෂී මිල ගණන් ලබා දෙන අතර ශ්‍රී ලංකන් හොලිඩේස් විසින් ප්‍රධාන MICE වෙළඳපලවල තරඟකාරී වාසියක් ලබා ගැනීම සඳහා වඩාත් ආකර්ශනීය ගුවන් ගමන් සමඟ අනෙකුත් සංචාරක පහසුකම් සලසා දීමට එකඟතාවයකට පැමිණ තිබේ. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරවල පුරෝගාමීන් දෙදෙනෙකු අතර ඇතිකරගත් මෙම ගිවිසුම මඟින් අනාගතයේ දී ප්‍රධාන MICE ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අමතර ආකර්ෂණයක් ඇති කරනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ MICE සංචාරකයින් සාමාන්‍යයෙන් විවේකය සඳහා පැමිණෙන සංචාරකයින්ට වඩා අඩු කාලයක් තුළ වැඩි මුදලක් වියදම් කරන බවයි. MICEසංචාරකයින්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ පැකේජ නිර්මාණය කරමින් උපායමාර්ගික ප්‍රවේශයක් සලසා ගැනීමට සැලසුම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සේවා, සුවපහසුව, ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ වෙලාවට වැඩ කිරීමේ ගෝලීය නායකයෙකු ලෙස ස්ථිර කීර්තියක් ඇති සම්මානලාභී ගුවන් සමාගමකි. ගුවන් සමාගමේ සෘජු මාර්ග සිතියම යුරෝපය,ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග ප්‍රධාන නගර ආවරණය කරයි.