ශ්‍රීලංකන් ගුවන් සේවය ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට දායකත්වය ....

Sri Lanka
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Thaya

Thaya

Report

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘තුරුලිය වෙනුවෙන් අපි’ව්‍යාපෘතියට සහය වෙමින් වනාන්තරයක අක්කර භාගයක ප්‍රමාණයක් නැවත වගා කර වසර 3 ක් යනතෙක් නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ද පසුගියදා සිය දායකත්වය ලබාදෙන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වන පාබල සේනාංකය විසින් පෙබරවාරි 20 වන දින පැල නැවත සිටුවීමේ ස්ථානය වන“Sinathnagar” හි දී මෙම අරමුදල් නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් අතර එම උත්සවය මන්නාරමේ දී සංවිධානය කර තිබිණි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, වෘත්තීය සමිති සහ ගුවන් සමාගමේ පරිසර ඒකකයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම උත්සවය නියෝජනය කළහ. විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි හෙක්ටයාර් 2000 ක වනාන්තරක් නැවත වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’ වගා වැඩසටහන සඳහා 2019 වසරේ පරිසර දිනයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ද සිය සහයෝගය ලබාදෙන ලදී.