කොරෝනා වසංගතය නොතකා දුම්රිය වැලි ප‍්‍රවාහන ජාවාරම දිගටම ....

srilanka tranprost s p withanage
By Nimal May 23, 2021 12:13 PM GMT
Nimal

Nimal

Report

  කොරෝනා වසංගත තත්වය හමුවේ සංචරණ සීමා පනවා රජයේ නිවාඩු දින ප‍්‍රකාශයට පත්කොට සියලූම දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා ඇතැත් දුම්රිය යොදාගෙන සිදුකරන වැලි ප‍්‍රවාහන ජාවාරම දිගටම පවත්වාගෙන යාමට ප‍්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය බලධාරීන් කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.

ජනාධිපතිතුමාගේ ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මගී ප‍්‍රවාහනයට අමතරව භාණ්ඩ ප‍්‍රවාහනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් උපයා ගැනීමේ අරමුණ සහිතව විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක් ධාවනය කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේ මැද භාගයේදී කටයුතු කලේය.

එනම් මඩකලපුව-ඒරාවූර් සිට කොළඹ අංගනය දක්වා වැලි ප‍්‍රවාහනය කිරීමටය . වැලි ප‍්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් සම්බන්ධ වූ අතර කන්ටේනර් බහාලූම් 20 ක් ඒ සඳහා යොදාගෙන තිබුණි.විශේෂ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා වන බඩු දුම්රියක් ධාවනය කිරීමේදී යාම-ඊම් සඳහා එක් කිලෝ මීටරයකට රු. 925$} ක සම්මත මිළක් දුම්රිය දෙපාර්තමේන්තුව අය කරන අතර එය රජයේ ආයතන වලින් පවා අය කරන සහන මිළක් ලෙස 2012 වර්ෂයේදී අනුමත මුදලකි. කොළඹ සිට මඩකලපුව දක්වා අදාල සමාගමට අයත් හිස් කන්ටේනර් බහාලූම් 20 ක් සමාගමේ අවශ්‍යතාව පරිදි ඒරාවූර් දක්වා ප‍්‍රවාහනය කළ යුතු අතර වැලි පුරවාගත් එම කන්ටේනර් 20 නැවත කොළඹ අංගනය දක්වා ප‍්‍රවාහනය කළ යුතු බවද විතානගේ මහතා පවසයි.

 ඒ අනුව යාම්-ඊම් සඳහා කි.මී. 680 ක දුරක් මෙම දුම්රිය ධාවනය කරන අතර එක් ගමන් වාරයක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අය විය යුතු මුදල (925$} X 680 + වැට් බදු රු.679620 කි. දුම්රිය ආඥා පනත මගින් ප‍්‍රවාහන ඇමති වරයාට පැවරී ඇති බලය වැරදි ලෙස අර්ථකතනය කොට හිස් බහාලූම් ප‍්‍රවාහනය කරන ධාවන කි.මී. ප‍්‍රමානය සඳහා අය කරන ගාස්තුව අදාල සමාගමට ආර්ථික වාසියක් වන පරිදි ප‍්‍රවාහන ඇමති වරයා මැදිහත් වී 50% කින් අඩු කිරීම නිසා එක් ගමන් වාරයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව රුපියල් 169 830$} කි.

දුම්රියෙන් වැලි ප‍්‍රවාහනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා තාවකාලිකව සහනයක් ලෙස මෙම මිළ අඩුකර ඇති බව ප‍්‍රවාහන අමාත්‍යාංශය කියා සිටියද 2020 දෙසැම්බර් 14 දිනෙන් පසු තාවකාලිකව නතර කරන ලද වැලි ප‍්‍රවාහන ජාවාරම2021' 05' 23 දින සිට නැවත ආරම්භ කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයිද විතානගේ මහතා කියයි.

එක් ගමන් වාරයකින් මඩකලපුව සිට කොළඹ දක්වා වැලි කියුබ් 110 ක් ප‍්‍රවාහනය කරන අතර කිි.මී. 01 ක් ප‍්‍රවාහනය කිරීමට අය කරනු ලබන්නේ රුපියල් 925 කි. ”සෞභාග්‍යයේ දැක්ම” අනුව වැලි ප‍්‍රවාහන ජාවාරම තුලින් දුම්රිය දෙපාර්තමේන්නුවට දැවැන්ත පාඩුවක් සිදුවන අතර මෙම ජාවාරමට ප‍්‍රවාහන අමාත්‍ය වරයා එක එල්ලේම සම්බන්ධවී ඇත. කොරෝනා වසංගතය නිසා තෙල් ප‍්‍රවාහන දුම්රිය හැර අනිකුත් සියළු දුම්රිය ධාවන කටයුතු නතර කර තිබියදී වැලි ප‍්‍රවාහන දුම්රිය ධාවනය කිරීම පිටුපස දැවැන්ත වංචාවක් සිදුවන බැවින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස විතානගේ මහතා ඉල්ලා සිටී.