25 දා දුම්රිය ගමන්වාර 20 ක්....
srilanka
tansprost
gamine senevirathna
By Nimal
ලබන 25 වන දින කොවිඩ් වසංගතය වෙනුවෙන් සංචරණ සීමා ලිහිල් කිරිමත් සමගින් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා දුම්රිය ගමන්වාර 20 ක් ධාවනයට එක්කොට ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන ගාමීණී සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ අනුව 25 වනදින අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා දුම්රිය තුනක්ද ,පොල්ගහවෙල සිට මහනුවර දක්වා දුම්රියක්ද ,අලුත්ගම සිට මරදාන දක්වා දුම්රිය දෙකක්ද,කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්ද,අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රියයක්ද,බෙලිඅත්ත සිට ඉදුරුව දක්වා දුම්රියයක්ද ධාවනයට එක් කොට ඇත.
අදාල දුම්රියයන් පෙරවරුවේ ධාවනය වු ආකාරයටම අදාල දුම්රිය ස්ථාන සදහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හා මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹනු ඇතැයිද ගාමීණී සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය. .