කඩිනමින් කොරෝනා එන්නත ලබා නුදුන හොත්, දුම්රිිය ධාවනය ඇනහිටී .....?
දුම්රිය සේවකයින් හා නිලධාරීන් විශාල ප‍්‍රමානයකට කොරෝනා වසංගතය වැලඳී ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල කර්මාන්ත ශාලාවැඩබිම් ධාවනාගාර කිහිපයක් වසා දැමීමට සිදුවී ඇති බැවින් කඩිනමින් සියළුම සේවකයිනට කොරෝනා එන්නත ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් .එස් .පී. විතානගේ මහතා පවසයි.
ධාවනය වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අඩුකර ඇතත් දුම්රිය මාර්ග හා සංඥා, පාලම්, ධාවනාගාර,දුම්රිය ස්ථාන වල හා මෙහෙයුම් සේවා වල සේවකයින්ට අනිවාර්යයෙන් රාජකාරී කිරීම,ට සිදුවී ඇත. විශේෂයෙන්ම මාර්ග අංශ සේවකයින්ට කණ්ඩායම් වශයෙන් රාජකාරී කිරීමට සිදුවන අතර, මගීන්ගේ කැතකුණු අතපතගෑමට ද සිදුවී ඇත.
එමෙන්ම මහජනතාව සමග එකඑල්ලේම සම්බන්ධවී රාජකාරී කිරීමට දුම්රිය ස්ථානාධිපති ඇතුළු දුම්රිය ස්ථාන කාර්යමණ්ඩලයට සිදුවී ඇත. දුම්රිය ආරක්‍ෂක සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් ද නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩ පිළිවෙලක් නැත. කර්මාන්ත ශාලා හා කාර්යාල සේවකයිනගේ තත්ත්වය ද එසේම වීම කණගාටුවට කරුණකි .
මේ තත්ත්වය යටතේ රාජකාරී කිරීමේ දී කොරෝනා වෛරසය බෝවීමේ දැවැන්ත අවධානමකට දුම්රිය සේවකයින් පත්ව ඇති බවද අවධානයට ලක් කරමු. කොවිඞ් - 19 වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා නිශ්චිත ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට ආයතන ප‍්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබුණ ද, එය නිසි පරිදි ක‍්‍රියාත්මක නොකරන බවක් ද පෙනී යන කරුණකි. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කරනු ලබන්නේ සමස්ත රාජ්‍ය සේවයටම අදාලව වන බැවින්, දුම්රිය පරිපාලනයේ පවතින ආකාර්යක්‍ෂමතාවය හා අවිධිමත්කම නිසා දැඩි අවදානමකට ලක්වීමට දුම්රිය සේවකයින්ට සිදු වී ඇත.
එමෙන්ම රාජ්‍ය සේවයේ අනිකුත් සේවකයින් භුක්ති විඳිනු ලබන
අයිතිවාසිකම් දුම්රිය සේවකයින්ට අහිමි වී ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාගේ අවධානයට ලක්කර සියළුම දුම්රිය සේවකයින් සඳහා කොරෝනා මර්ධන එන්නත් ලබා දීමටත්, 02$2021 (i) රා. ප. චක‍්‍රලේඛය විධිමත් ක‍්‍රමවේදයක් අනුව ක‍්‍රියාත්මක කිරීමටත් නිශ්චිත ක‍්‍රියාමාර්ගයන් ගන්නා ලෙසත් එස් .පී. විතානගේ මහතා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටී .