මාර්ග ආරක්ෂාවට ස්වේච්ඡා බලකායක්...

srilanka transporst
By Nimal May 18, 2021 07:41 AM GMT
Nimal

Nimal

Report

 මාර්ග අනතුරු අවමකර සියලුම පුරවැසියන්ට ආරක්ෂාකාරීව ගමන් කිරීම සදහා ශ්‍රී ලංකා මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා බලකායක් ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය  කෙරේ.

මෙය ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සිදු කිරීමට සැලසීම ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම ස්වේච්ජා බලකාය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂණ සතිය ලෙසඊයේ ( 17) සිට 23 දක්වා යොදාගෙන ඇති බැවිනිමාර්ග ආරක්ෂාවට  ස්වේච්ඡා බලකායක්... | Srilanka Transprost

.මීට සමගාමීව එහි වෙබ් අඩවිය www.safetyroad.lk එලි දැක්වීමද දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  සිදු කෙරිණ. මෙම උත්සව අවස්ථාව සදහා ජේෂ්ඨ පොලිස් අධිකාරී රථවාහන ඉන්දික හපුගොඩ මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතාද ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් ද SLACMA ආයතනයේ සභාපති ඩිමන්ත ජයවර්ධන මහතා සහ I SERT ආයතනයේ ප්‍රධානී සෑම් චන්ද්‍රසෝම යන මහත්වරුද සහභාගිවුහ.

ඊට සමගාමීව  රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් "රිය අනතුරුකදී ක්‍රියාකලයුතු ආකාරය පිලිබදව සහ ඉතා කඩිනමින් අනතුරටපත් වාහනය මාර්ගයෙන් ඉවත්කරන ආකාරය පිලිබද "ශ්‍රී ලංකා මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා බලකාය" විසින් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමක් තලංගම ලංගම ඩිපෝවේදී සිදු කෙරිණ.