අන්තර පලාත් බස් රථවල අත්‍යවශ්‍ය සේවා පමණයි...
සංචරණ සීමා ඉවත් කළද පලාත් අතර සංචරණ සීමා ඉවත් කර නොමැති බැවින් අත්‍යවශ්‍ය රාජකාරි සදහා කොළඹට පැමිණෙන මගී අවශ්‍යතාවය මත අන්තර් පලාත් ලංගම බස්රථ දහයක් හෙට (17) දිනයේ ධාවයට එක්කොට ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ධාවන ඒ.එච් .පණ්ඩුක මහතා පවසයි.
මෙසේ ධාවයට එක්කරන බස්රථ වල සාමාන්‍ය ජනතාවට කිසිසේත් ගමන් කල නොහැකිය .අත්‍යවශ්‍ය රාජකාරි සදහා නොමැති මගියකු හදිසියේවත් පැමිණිය හොත් පලාත් සීමාවන් වලදී පරික්ෂාවට ලක්කොට අදාල මගීන් බස්රථයෙන් බිමට බැස්සවීමට පියවර ගැණේ. පුත්තලම ,රත්නපුර ,ගාල්ල ,මාතර ,මහනුවර කුරුණෑගල යන ප්‍රදේශවලින් අන්තර් පලාත් බස්රථ ධාවනයට එක්කොට තිබේ.
එසේ පැමිණෙන බස්රථ අළුයම 05.00 පමණ අත්‍යවශ්‍ය රාජකාරි සදහා කොළඹට පැමිණෙන බස්රථ පස්වරු 04.00 පසු ආපසු ගමන් කිරීමට නියමිතය. හදිසියේවත් මගී ජනතාව වැඩි පුර පැමිණය හොත් අදලා ඩිපෝ අධිකාරි මහතුන් මගී අවශ්‍යතාවය මත බස්රථ ධාවනය එක් කිරීමට නියමිතය.
මීට අමතරව පලාත්තුළ අතර බස්රථ ධාවනය සුපුරුදු සිදු කරන බවද පණ්ඩුක මහතා වැඩි දුරටත් පැවසුවේය.