අත්‍යවශ්‍ය සේවා සදහා දුම්රිය ධාවනයට....
පලාත් සංචරන සීමා පනවා තිබුණද හෙට(17) අළුයම සිට අත්‍යවශ්‍ය සේවා සදහා ගමන් ගන්නා මගීන්ගේ ගමන් පවසුව සදහා විශේෂ ආරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පලාත්වලින්ද කොළඹට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
නමුත් වෙනදා ධාවනයට එක්වු දුම්රියයන් සමගින් දුම්රිය ගමන් වාර 107 ක් මගී ජනතාවට රැකියා සදහා ගමන් කිීරීමට යොදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. හලාවත ,කොච්චිකඩේ ,අවිස්සාවෙල්ල ,මුහුදු බඩ මාර්ගයේ හා ප්‍රධාන මාර්ගයේ දුම්රියයන්ද ධාවනයට එක් කොට තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි තුමාගේද උපදෙස් මත මහනුවර දුම්රිය ස්ථානයේන් අළුයම 05.00 ට, මහව දුම්රිය ස්ථානයෙන්පෙරවරු 04.45ටත්, ත්,හලාවත 05.50 ටත්, දුම්රිය ස්ථානවලින් කොළම කොටුව දක්වාත්,,රඹුක්කන දුම්රියයන් ස්ථානයෙන් කාර්යාල දුම්රියයක්ද ,බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 04.30 මරදාන දුම්රිය ස්ථානය දක්වාත්,ධාවනය කිරීමට නියමිතය. එහිදී දුම්රියේ ගමන් කිරීමට එන මගීන්ගේ සේවා හැදුනුම්පත් හෝ අදාල රාජකාරී ලියකියවිලි දුම්රිය සේවකයින් හරහාද පරික්ෂාවට ලක් කෙරේ.
අදාල දුම්රියයන් තුළ ට දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඒ අයගේද පරික්ෂාව යටතේ මගීන්හට ගමන් කළ හැකිය.රජයේ හා පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශපත්‍ර ලබාගත් අය සදහාද, අත්‍යාවශ්‍ය රාජකාරි සදහා පැමිණීම සදහාද මෙම දුම්රියයන් ධාවනයට එක් කෙරේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවනේ සමාන්‍ය ගමන් සදහා ජනතාව මෙම දුම්රිය වල ගමන් කිරිමට පැමිණීමෙන් වලකින ලෙසද පවසන අතර රාජකාරි සදහා ගමන් ගන්න මගීන්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගමන් කිරිමට පියවර ගත යුතුය..
තම ආයතනික හැදුනුම්පත හා ආයතනයෙන් නිකුත් කළ ලිපියක් තිබුණ හොත් පමණක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නියමිතය.ලොකු වගකීමකින් යුතුව දුම්රිය ධාවනය කරන බැවින් අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන මගීන් සදහා පමණක් මෙම දුම්රියයන් තුළ ගමන් කල හැකිව ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.