අන්තර් පලාත් වලින් විශේෂිත දුම්රියන් කොළඹට

srilanka tranprost senevrathna
By Nimal May 12, 2021 12:47 PM GMT
Nimal

Nimal

Report

 සංචරන සීමා පනවා තිබුණද හෙට(13) සිට පිට පලාත්වල සිට කොළඹට රාජකාරී සදහා ගමන් කරන මගී අවශ්‍යතාවය මත විශේෂිත දුම්රිය 10 ක් ධාවනයට එක් කොට ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන ඩබ්ලිව් .ඩී ජේ.සෙනෙවිරන්ත මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර පලාත තුළ පමණක් හෙට සිට දුම්රිය 107 ධාවනය ට එක් කොට ඇතැයිද සෙනෙවිරත්න මහතා පැවසුවේය.

පලාත් සංචරන සීමා අනුව මේ වනතෙක් බස්නාහිර පලාත තුළ පමණක් දුම්රියධාවනය කලද ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම ඇමතිවරයා ගේ උපදෙස් මත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා සදහා ගමන් ගන්නා මගීන් සදහා විශේෂ ආරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පලාත්වලින් පිට සිට කොළඹට ධාවනය කිරීමට හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි තුමාගේද උපදෙස් මත හෙට සිට මහනුවර දුම්රිය ස්ථානයේන් අළුයම 05.00 ට, මහව දුම්රිය ස්ථානයෙන්පෙරවරු 04.45ටත්, ත්,හලාවත 05.50 ටත්, දුම්රිය ස්ථානවලින් කොළම කොටුව දක්වාත්,,රඹුක්කන දුම්රියයන් ස්ථානයෙන් කාර්යාල දුම්රියයක්ද ,බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 04.30 මරදාන දක්වාත්,ධාවනය කිරීමට සිදු කෙරේ. මෙම දුම්රිය ධාවනය කිරීමේදී මෙහෙයුම් දුම්රිය ස්ථානවල පමණක් නතර කිරීමට නියමිතය..

එහිදී දුම්රියේ ගමන් කිරීමට එන මගීන් දුම්රිය සේවකයින් හරහා පරික්ෂා කොට සේවා හැදුනුම්පත් හෝ අදාල රාජකාරී ලියකියවිලි පරික්ෂා කෙරේ. අදාල දුම්රියයන් තුළ ට දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඒ අයගේද පරික්ෂාව යටතේ මගීන්හට ගමන් කළ හැකිය.රජයේ හා පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශපත්‍ර ලබාගත් අය සදහා අත්‍යාවශ්‍ය රාජකාරි සදහා පැමිණීම මෙම දුම්රියයන් ධාවනයට එක් කෙරේ.එසේ නොමැතිව සමාන්‍ය ගමන් සදහා ජනතාව මෙම දුම්රිය වල පැමිණීමෙන් වලකින ලෙසද පවසන අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මගීන් ගමන් කිරිමට පියවර ගත් යුතුය..

තම ආයතනික  හැදුනුම්පත හා ආයතනයෙන් නිකුත් කළ ලිපියක් තිබුණ හොත් පමණක් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නියමිතය.ලොකු වගකීමක් අරන් දුම්රිය ධාවනය කරන බැවින් අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන මගීන් සදහා පමණක් මෙම දුම්රියයන් තුළ ගමන් කල හැකිව  ඇතැයිද සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.