කොවිඩ් නිසා දුම්රියේ වේගයත් අඩුවෙයි.....
srilanka
kasun chamara
tranprost
By Nimal
දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් පිරිසකට කොවිඩ් 19 රෝගය වැළදීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු පැයට කිලෝමීටර් 30 අඩු වේගය කින් දුම්රිය ධාවන කටයුතු සිදු කිරී මට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇත.
මේ හේතූන් නිසා බොහෝ දුම්රිය ධාවනය කිරීමේදී ප්‍රමාද වීම් සිදුවන අතර මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා දුම්රියේ සහ ධාවන ඇණියේ සුරක්ෂිතාවය සදහා මෙසේ අඩු වේගසීමාවකින් ධාවන කටයුතු සිදු කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.
අඛණ්ඩව ධාවනය පවත්වාගන යාම සඳහාත්, ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දෛනික නඩත්තු කටයුතු සිදුකිරීම පිළිබඳව මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇති නිසාත් දුම්රිය ධාවන කටයුතු පැයට කිලෝමීටර් තිහ හා ඊට අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට සිදුවී ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.