දුම්රිය සාමාන්‍යාධිකාරි වරයකු පත් නොකල හොත් සේවාව කඩා වැටීම ළගදීම ....
කොවිඩ් උවදුරත් සමගින් මගී ජනතාවගේ හා දුම්රිය සේවකයින් ගේ ගැටලු පිළිබදව දුම්රිය සාමාන්‍යාධිකාරි වරයකු පත් නොකිරීමට නිසා සමස්ත දුම්රිය සේවාවම කඩා කප්පල් වීමට ඉඩ තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි
සොමරත්න මහතා එසේ පැවසුවේ අද දහවල් මරදාන දුම්රිය ස්ථානාධිපති සංගම් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.මේ සදහා වෘත්තීය සමිති 45 ක් සභාය දක්වනවා .නමුත් පවතින කොවිඩ් උවදුර සමගින් ඒ සියළු දෙනා නියෝජනය කිරීම සදහා වෘත්තීය සමිති 15 ක් එක් ව මාධ්‍ය හමුව අද පැවත්වුවා.
මෙහිදී අදහස් දැක්වු සුමේධ සෝමරත්න මහතා, කොවිඩ් උවදුරු දුම්රිය දෙපාර්තුමේන්තුව පුරා විහිදෙමින් පවතිනවා..එයට හේතුව මගී ප්‍රවාහනයට විශේෂයෙන් දායකත්වය දක්වන්නේ දුම්රියයි.දුම්රියේ ගමන් කරන මගීන් හා ගැටෙන නිලධාරීන් සදහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් මේ වනවිටත් සපයා නැහැ.
එයට හේතුව වී ඇත්තේ සේවකයින් ගනනාවක් කොවිඩ් උවදුරට පත්වී දුම්රිය ස්ථානාධිපතිවරු ,සහෝදර දුම්රිය නියාමක වරුහා රියදුරන් ,කර්මාන්තශාලාවල නිලධාරීන් සේවක මහතුන් මේ උවදුරට පත්වී තිබෙනවා. කනගාටුවට කරුණක් වී ඇත්තේ දුම්රිය දෙපාර්තුමේන්තුව කොවිඩ් උවදුරට පත්වු අය පිළිබදව සංඝනනයක් මේ වනතෙක් සිදු කර නැහැ.සේවකයෝ රකින්න ක්‍රියාපිලිවෙතක් අරගෙන නැහැ. පෙරේදා ආරක්ෂක අංශත් එක්ක දුම්රිය බලධාරීන් සාකච්ජා කලත් දුම්රිය බලධාරීන් කිසිදු තිරණයක් ගන්න කටයුතු කලේ නැහැ.එයට හේතුව වී ඇත්තේ දෙපාර්තුමේන්තුවේ මුල් පුටුව හිස්වී තිබෙන නිසායි.
ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය විසදයි කියා බලාපොරොත්තු වෙනවා. අද වනවිට දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමය තීන්දුවක් අරගෙන තිබෙනවා ස්ථිර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයකු පත්වෙන්නේ නැත්නම් දැනට වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග වැඩ කරන්නැහැ කියා.දුම්රිය ධාවන කටයුතු සිදු කරන්න මගින්ට පහසුකම් ලබාදිමේදී ගැටලු මතුවෙන නිසා වෘත්තිය ක්‍රියාමාර්ගයකට නොයා බලා සිටින්නේ ජනාධිපතිතුමා විසදුමක් ලබාදෙයි කියා. නමුත් මේ ආකාරයට තිබුණහොත් දුම්රිය දෙපාර්තුමේන්තුව වහන්න වෙයි කියන අවධානම මතුකර තිබෙනවා.
මේ මොහොතේ ගාල්ලේ දුම්රිය පිලී පැනීමක් සිදුවී තිබෙනවා.මේ තත්ත්වය සමගින් මේක දිගින් දිගට පැවතුන හොත් දුම්රිය සේවය අඩාලවන එක අමුතු දෙයක් නෙවෙයි. ඉංජිානේරු සංගම වෘත්තීය සමිති විසදුම් ගන්න පෙන්වා දී තිබෙනවා නායකත්වය පත්කරන්න ජනාධිපතිවරයා පසු බසින හේතුව දන්නේ නැහැ කියා. ්ඇමතිවරයා ක්‍රියා මාර්ග ගන්නේ වෘත්තීය සිමිති දෙකක් සමග එක්වීයි. සමස්ත රටේ මගී ජනතාවගේ අයිතිවාසිකම් කඩා කප්පල් කරන්න තවදුරටත් ඉඩ දෙන්න එපා. ජනාධිපතිතුමා මෙයට ක්‍රියාමාර්ගයක්නොගත හොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදු වන බවද පැවසුවේය.