කල් ඉකුත්වු රියදුරු බලපත් සදහා මාස 6ක සහන කායක් ....

srilanka R m v Sumith Alahakoon
By Nimal May 02, 2021 10:20 AM GMT
Nimal

Nimal

Report

රියදුරු බලපත්වල කාලය අවසන් වුවන් සදහා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාසතුනක හා මාස හයක සහන කාලයක් ලබා දී ඇතැයි මෝටර් ප්‍රවාහන කොමසාරින් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඒ අනුව මාර්තු මස 31 වැනි දිනෙන් කාලය අවසන් වන රියදුරු බලපත් සදහා මාස තුනක සහන කාලයක්ද ,අප්‍රියෙල් මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත් සදහා මාස හයක සහක කාලයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව තීරණය කොට තිබේ.

මීට අමතරව මාර්තු මස 16 වැනි දින දක්වා කල් ඉකුත්වන සියලුම රියදුරු පුහුණු අවසර පත්‍රවල වලංගු කාලසීමාව සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා දීර්ඝ කර ඇතැයිද සුමිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසුවේය.