මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ සේවාවන් සතියක් නවතියි...

srilanka rmv transprost
By Nimal May 02, 2021 03:59 AM GMT
Nimal

Nimal

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මගින් ලබාදෙන සියළු සේවාවන් හෙට (03)සිට සතියක් කොවිඩ් 19 වසංගත තත්ත්තවය තුළ නතර කිරීටම සිදුවන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

මෙතෙක් 0112677877 යන දුරකථන අංකය මගින් ඇමතුම් ලබාගෙන වේලාවන් වෙන්කරගත් සියල්ල මේවනවිට අවලංගු වන බවද සේවාලාභීන් වෙත කනගාටුවෙන් දැණුම් දෙමි.

මීට අමතරව රියදුරු බලපත් සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මගින් රියදුරු බලපත්‍ර සදහා පවත්වන ලිඛිත පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පමණක් නොපවන්වන අතර අනිකුත් සියළු කටයුතු සීමා කිරිම් යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ උපදෙස් මත සිදු කෙරේ. එහිදී සිය සේවාවන් ලබාදෙනුයේ දිස්ත්‍රික්කය තුළ පදිංචි කරුවන් සදහා පමණක් බවද සුමිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසුවේය.