එකම දුම්රිය එංජිම මුහුදු බඩ මාර්ගයේදී දෙපාරක් පිලි පනියි.

srilanka transprost kasun chamara
By Nimal Apr 30, 2021 12:50 PM GMT
Nimal

Nimal

Report

 ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දී අද පෙරවරුවේ දුම්රිය එන්ජිමක් පීලි පැන තිබූ අතර එය නැවත පීලිගතකර මරදාන ඊ. එල්. එස් .ධාවනාගාරය වෙත රැගෙන එන අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය හා කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී සවස 03.50ට පමණ පිලී පැනීම හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවු බව දුම්රිිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය පිලි ගත කිරිම සදහා දුම්රිය කාර්යමණ්ඩයේ සේවකයින් සිද්ධිය වු වහාම එම ස්ථානයට යවා තිබේ. නමුත් අද සවස් කාලය වනවිටත් මුහුදු බඩ මාර්ගයේ එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කෙරේ.
 මේ හේතූන් නිසා මුහුදු බඩ මාර්ගයේ ,ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ගමන් ගන්නා දුම්රියයන් ප්‍රමාදවී ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වු බව ද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.