දින නියමයක් නොමැතිව දුම්රිය නොනවත්වයි
srilanka
transporst
ganewaththa
By Nimal
කොවියිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගණේවත්ත ප්‍රදේශය හුදකලා කර ඇති බැවින් අද (24) මධ්‍යම රාත්‍රී 12 සිට ගනේවත්ත දුම්රිය ස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඒ අනුව නැවත දැණුම් දෙන තුරු මගීන් සඳහා දුම්රිය ගණේවත්ත දුම්රිය ස්ථානයේ නවත්වන්නේ නැතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.