ඉහළම ලකුණු ලබාගත් අය දුම්රිය සමාන්‍යාධිකාරි ලෙස පත්කළ යුතුයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පසුගිය මාර්තු මස 04 දින සේවයෙන් විශ‍්‍රාම ගැනීමත් සමග මේ වන විට එම තනතුර පුරප්පාඩු වී තිබීම නිසා පොදු ප‍්‍රවාහන සේවයක් වන දුම්රිය සේවය දවසින් දවස කඩා වැටෙන තත්වයකට පත්වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස් .පී විතානගේ මහතා පවසයි.
මේ හේතූන් නිසා දුම්රිය ධාවනය, දුම්රිය පරිපාලනය හා විනය පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී බැවින් අයාලේ යන අරාජික ආයතනයක් බවට දුම්රිය සේවය පත්වී ඇති බවද පෙන්වා දෙයි.. දුම්රිය සාමාන්‍යාධිකාරී වරයෙක් පත්කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් කැබිනට් පත‍්‍රිකා කීපයක් ඉදිරිපත්කර ඇතත්, විවිධ හේතූමත එම කැබිනට් පත‍්‍රිකා ප‍්‍රතික්ෂේපවී ඇති බවද දැනගැනීමට ඇත.
මේ අතර, ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්ගේ අංක: ඵඔරැු03රැු03රැු01-ඩදක-ෂෂ හා 2021. 03. 16 දිනැති ලිපිය මගින් දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා ශ‍්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පළමු පංතියට හා විශේෂ පංතියට අයත් සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති අතර, ඉහලම ලකුණු ලබාගන්නා අයදුම්කරු අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් එම තනතුරට පත්කිරීමට තීරණය කර ඇති බවද දන්වා ඇත.
ඒ අනුව මාර්තු මාසයේ 30 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස යොදා තිබූ අතර, අයදුම්පත් යොමුකර තිබූ නිලධාරීන් 06 දෙනෙකු සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් හමුවට කැඳවා තිබුණි. එම සම්මුඛ පරීක්‍ෂණය 2021. 04. 08 දින පැවති අතර, එම සම්මුඛ පරීක්‍ෂණයෙන් ඉහලම ලකුණු ලබාගත් නිලධාරියෙකු තොරාගෙන ඇත. මෙය ඉතාමත් නිවැරදි ක‍්‍රමවේදයක් වන අතර, මීට පෙර අවස්ථා දෙකකදීම දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ පුරප්පාඩුව පිරවීමේදී මෙම ක‍්‍රමවේදය අනුගමනය කර ඇත. ප‍්‍රවාහන ලේකම්ගේ උක්ත ලිපියේ සඳහන් පරිදි ඉහලම ලකුණු ලබාගත් නිලධාරියාගේ නම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකළ යුතු වුවත්, ප‍්‍රවාහන අමාත්‍ය වරයා එම නිලධාරියාගේ නම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු නොකර, වෙනත් නම් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව දැනගැනීමට ඇත.
ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට
සම්බන්ධ, ප‍්‍රවාහන අමාත්‍ය වරයාගේ දේශපාලන හිතවතුන් වන වෘත්තීය සමිති නායකයින් කීපදෙනෙකුගේ ද මැදිහත් වීම මත මෙම අකටයුතු ක‍්‍රීයාව සිදු කරන
බවත්, රාජ්‍ය ආයතනයක් ලෙස මෙය ඉතාමත් නරක පූර්වාදර්ශයක් බවත්, ජනාධිපතිතුමාගේ දැඩි අවධානයට යොමු jවිය යුතුය . කාගේ හෝ අකටයුතු ක‍්‍රියා හමුවේ දවසින්
දවස විනාශයට පත්වන්නේ මිළකළ නොහැකි මහජන දේපලක් බව පෙන්වා දෙන අතර,දුම්රිය සේවය, එවැනි තත්වයට පත් වීමට ඉඩ නොහැර, ජනාධිපතිතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ වගකීම, වඩාම සුදුසු වන පරිදි ඉටුකර, සම්මුඛ පරීක්‍ෂණයෙන් ඉහලම ලකුණු ලබාගත් නිලධාරියා දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත්කරන මෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටී.