පලාත් අතර දුම්රිය ධාවනය අත්හිටුවයි....

srilanka transport senevirathna
By Nimal May 11, 2021 10:49 AM GMT
Nimal

Nimal

Report

 අද මධ්‍යම රාත්‍රියේ සිට රජය මගින් පලාත් අතර සංචරන සීමා පනවා ඇති බැවින් බස්නාහිර පලාතේ ධාවනය වන දුම්රියයන් අඹේපුස්ස ,කොච්චිකඩේ ,අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන අතර පමණක් දුම්රිය ධාවනය කරනබව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී    ගමනා ගමන ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොටුව දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දක්වාත් අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ගමන්වාර 20 ක් පමණක් ධාවනයට එක්කොට තිබේ. මුහුදු බඩ මාර්ගයේ අළුත්ගම සිට මරදාන දක්වා ගම්න්වාර 25 ක් ධාවනට එක්කොට තිබෙන අතර දැනට දුම්රිය ධාවනය වන දුම්රිය හා දුම්රිය ස්ථානවල විෂබීජ හරනය කොට තිබෙන බවද සෙනෙවිරත්න මහතා පවසයි.