ගුවන් ගමන් වල ආරක්‍ෂාව තහවුරු කලේ මේ අයුරින් ...

srilanka srilankan guwan depal perera
By Nimal Aug 29, 2021 08:40 AM GMT
Nimal

Nimal

Report

 . ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි වටිනා මගීන්ගේ සහ ගුවන් කාර්යමණ්ඩලයේ උපරිම ආරක්‍ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් සිය ගුවන් ගමන්වල දී ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍යාරක්‍ෂිත හා ආරක්‍ෂිත පියවරයන් හි ඵලදායීතාවය පිළිබඳව විස්තර කරයි.ගුවන් ගමන් වල ආරක්‍ෂාව තහවුරු කලේ මේ අයුරින් ... | Srilanka Srilankan Guwan

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පෙන්වා දෙන්නේ “ගුවන් යානයක් තුළ දී COVID-19 වැළඳීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි”. (https://www.iata.org/en/youandiata/travelers/health/low-risk-transmission/)කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිටම ගුවන් සේවය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නියම කරන ලද දැඩි සෞඛ්‍ය හා ආරක්‍ෂක නියාමන පියවරයන් යටතේ වන අතර ගුවන් සේවය ක්‍රියාත්මක වන රටවලට අදාළ ගුවන් සේවා අධිකාරීන් පෙන්වා දෙන නියාමනයන් සමඟ ද පූර්ණ අනුගත වීමකින් ගුවන් සේවය කටයුතු කරයි.ගුවන් ගමන් වල ආරක්‍ෂාව තහවුරු කලේ මේ අයුරින් ... | Srilanka Srilankan Guwan

ගුවන් සේවය සිය සාමාජිකයින්ට ප්‍රමුඛතා පදනම මත එන්නත් ලබා දෙමින් ප්‍රගතිශීලී පියවරක් ගත් අතර රට පුරාම එන්නත් කිරීමේ වැඩ සටහනෙහි කාලරාමුවලට වඩා එය ඉදිරියෙන් සිටියේය. ඒ අනුව, ගුවන් සේවය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021පෙබරවාරි මාසයේ දී ආරම්භ කළ අතර ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය,ගුවන් තොටුපල සේවා, ඉංජිනේරු, ආරක්‍ෂක, ටිකට් කාර්යාලය සහ අලෙවි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් ප්‍රධාන සාමාජිතයින් ඇතුළු සේවකයින් 4,500 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත් ලබා දී ඇත.

මේ වන විට ගුවන් කාර්යමණ්ඩලයෙන් 95% ක සහ ගුවන් මෙහෙයුම් කාර්යමණ්ඩලයෙන් 90% ක් පමණ පිරිසකට නිර්දේශිත මාත්‍රා එන්නත් ලබා දී තිබේ. සෑම ගුවන් ගමනකට පෙර ශ්‍රීලංකන් ගුවන් යානා විශේෂිත සනීපාරක්‍ෂණ ක්‍රියාවලියකට භාජනය කරන අතර සියලුම ගුවන් යානා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් වාතය පිරිසිදු කරන High Efficiency Particulate Air filters වලින් සමන්විතයි. IATA තවදුරටත් සඳහන් කරන්නේ, “ගුවන් යානය තුළ තිබෙන වාතය සැඳී ඇත්තේ අර්ධ නැවුම් වාතය සහ අඩක් අධික කාර්යක්ෂමතාවයෙන් යුත් High-Efficiency Particulate Air (HEPA) වාතයෙන් වන අතර එහි බැක්ටීරියා සහ වෛරස් වලින් 99.993% ක් ඉවත් කරන බවයි. මීට අමතරව , කොළඹ ඇතුළු එහි ජාලය හරහා ක්‍රියාත්මක වන සෑම ස්ථානයකින්ම, ගුවන් යානයට පිටත්ව යාමට පෙර සියලුම මගීන් සෘණාත්මක PCR හෝ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයක් තිබීම අනිවාර්යය වන අතර උපරිම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ස්ථාන කිහිපයකම උෂ්ණත්ව පරීක්‍ෂණය සිදු කළ යුතුය.

යම් ආකාරයක වෛයිරසය ඇති වීම වැළැක්වීම සඳහා හුවමාරු කරගන්නා භාණ්ඩ ලබාදීම ද ගුවන් සමාගම ද සීමා කර ඇත. ගුවන් ගමනේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, කාර්ය ම මණ්ඩලය PPE (පුද්ගලික ආරක්‍ෂක උපකරණ) වලින් සමන්විත වන අතර එයට හිස් ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම, අත්වැසුම් සහ සපත්තු ආවරණ ඇතුළත් වේ. 2021 අගෝස්තු මස 5 සහ 6 දින IATA විසින් ප්‍රකාශයට පත් කරන ලද COVID 19 ගමනාන්තවලට අදාල ගුවන් සංචරණයේ දී මහජන සෞඛ්‍ය පියවර සහ අවදානම් තත්වයන් සම්බන්ධයෙන් නිවේදනය‌ට අනුව පෙන්වා දෙන්නේ “ගෝලීය වශයෙන් සියලුම දෙනා මුහුණු ආවරණ පැළඳීම මගින් වෛයිරසය පැතිරීම වැළැක්විය හැකි බවත් එය ඵලදායී ආරක්ෂාවක් සේ පෙනෙන බවයි”.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


ReeCha