වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර සදහා ලබාදෙන සේවාවන් සීමා කෙරේ.

srilanka rmv sumithalahakoon
By Nimal Apr 26, 2021 06:56 AM GMT
Nimal

Nimal

Report

. මේ වන විට රට තුල උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය මත සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර වලට අදාලව ලබාදෙනු ලබන සේවාවන් සීමා කිරීමට සිදුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඒ අනුව, 011-2677877 දුරකථන අංකයට අමතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ වේරහැර කාර්යාලයේ රියදුරු බලපත් අංශය සඳහා හෙට (27) දින සිට මැයි මස (13) දින දක්වා කාලය තුළ මධ්‍යාහන 12.00න් පසු වේලාවක් ලබාදී ඇති සේවාලාභීන් සඳහා පහත ආකාරයට සේවා ලබාදෙන බව කාරුණිකව දන්වමි.

එම දිනයන් සඳහා මධ්‍යාහන 12.00ට පෙර, (එම වේලාවද ඇතුලත්ව) වේලාවක් ලබාදී ඇති සේවාලාභීන්ට දැනට ලබාදී ඇති දිනම පෙ.ව. 8.30ත් ප.ව. 3.00ත් දක්වා වූ කාලය තුළ වේරහැර කාර්යාලයට පැමිණ සේවය ලබාගත හැකි බවද කාරුණිකව දන්වමි.

ඒ අනුව හෙට (27) වැනි දින පස්වරු 12.00 ට පස්වරු 03.00 දක්වා සේවාව සදහා ලබාදී ඇති අය මැයි මස 02 දින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්, 28 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 08 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත් ,29 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 09 වැනි දින පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වාත් ,මේ මස 30 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 15 වැනි දින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත් , මැයි මස 03 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 16 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්, මැයි මස 04 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 22 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 05 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 23 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 06 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 29 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 07 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය මැයි මස 30 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 10 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය ජුනි මස 05 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 11 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය ජුනි මස 06 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 12 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය ජුනි මස 12 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වාත්,මැයි මස 13 වැනි දින දහවල් 12.00 සිට පස්වරු 03.00 දක්වා වේලාව ලබාදුන් අය ජුනි මස 13 වැනිදින පෙරවරු 08.30 සිට 03.00 දක්වා කාලය තුළ පැමිණ සිය සේවාවන් ලබා ගත හැකි බවද සුමිත් අලහකොන් මහතා වැඩි දුරටත් පැවසුවේය.  

ReeCha