වැඩ කරන ජනතාව වෙනුවෙන් දිවි පිදු සහෝදරයින්ව දේශපානඥයන්ට අමතක වීම කණගාටුවට කරුණක්

srilanka politics Muruthtettuwe Ananda thero
By Nimal May 02, 2021 06:27 AM GMT
Report

 ලෝක කම්කරු දිනය සමරන බොහෝ දේශපානඥයන්ට හා දේශපාලන පක්ෂවලට අධිරාජ්‍යවාදී ධනවාදයට යට නොවී මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් ජිවීත පූජා කල සහෝදරයන් අමතක වීම කණගාටුවට කරුණක් බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් සදහන් කළහ.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා 1987 වර්ෂයේදී මැයි දිනය තහනම් කීරිමට එරෙහිව අභයාරාමයේ පැවැති මැයි දින රැලියට සහභාගි වු තරුණයන් දෙදෙනකු ඝාතනය වීම සිහිපත් කරමින් ඔවුනට පින් අනුමෝදන් කීරිම සදහා මෙවර මැයි දිනයදා අභයාරාම විහාරයේදී පැවැති විශේෂ බෝධි පූජාවකට සම්බන්ධ වී ආනන්ද නාහිමි මේ බව සදහන් කළහ.

"අද අපිට මැයි දිනය සමරන්න බැරිව තිබෙන්නේ වසංගත තත්වක් නිසයි.නමුත් එදා ඒකාධිපති බලය පාවිච්චි කරමින් ජේ.ආර් ලා වැඩ කරන ජනතාව ගේ අයිතිය උදුර ගන්න හැදුවා.එදත් ඊට එරෙහිව බොරළුගොඩ සිංහ පරපුරේ දිනේෂ් ගුණවර්ධන ලා ජනතාව සමග පාරට බැස්සා.රට ජාතිය ගැන කැක්කුමක් ඇතිව අවංකව කටයුතු කරපු දේශපාලනයෙන් හම්බ කර නොගත්තු යමෙක් ඉන්නවා නම් ඒ බොරළුගොඩ පරපුර විතරයි කියල නිර්භයව කියන්න පුළුවන්.

එදා 1987 දී වැඩ කරන ජනතාව වෙනුවෙන් දිවිපිදූ කිත්සිරිමෙවන් රණවක හා ආනන්ද කිරිබත්ගොඩ සහෝදයෝ සිහිපත් කරල හැම අවුරුද්දකම මහජන එක්සත් පෙරමුණ අභයාරාමයේදී පින්කමක් කරනවා.මේවා අනෙක් දේශපාලන පක්ෂවලටත් ආදර්ශයන්. මේ මෙහොත වෙන කොට අපේ රටත් ජනතාවත් අන්ත අසරණ තත්වකට පත්ව තිබෙනවා.මේ තත්වය ගැන වත්මන් රජය දක්වන ප්‍රතිචාර පිළිබදව සතුටු වෙන්න බැ.අපේ බොහෝ දේශපාලනඥයන්ට මුල අමතකවෙලා.වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් දෙන්න කතා කලාට එදා ඒ අයිතින් දිනා ගැනීමට ජිවිත පූජා කල අය අපේ නායකයන්ට මතක නැ.

එහෙම වේලාවක මහජන එක්සත් පෙරමුණට නායකත්වය දෙන වත්මන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස එක්ව කම්කරු පන්තිය වෙනුවෙන් දිවි පිදුවන් සිහිකර ආගමික වතාවත් ඉටු කිරිම ගැන සතුටු වෙනවා.අභයාරාමය දැන් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවට සමහරු හීන දකිනවා.අපි පත් කර ගත්තු ආණ්ඩුව අපි විනාශ වෙන්න ඉඩ දෙන්නෙ නැ.වැරදි හදා ගන්න අපි තදින් කතා කරනවා.අපි කාගෙවත් අත කොලු වෙන්නෙ නැ .හරි වැරද්ද පෙන්වා දෙන්න බව වෙන්න ඕනේ නැ.මම හැමදාම කටයුතු කරල තිබෙන්නෙ ජනතාව වෙනුවෙන්.එහෙම කලැයි කියල මම මටවත් මගේ පන්සලටවත් කාගෙන්වත් වරප්‍රසාද ලබා ගෙනත් නැ."යැයිද නාහිමියෝ සදහන් කළහ.

මෙහිදී අදහස් දැක් වු මහජන එක්සත් පෙරමුණේ නායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙරටේ හැමදාම එ.ජා.ප පාලන කාලවල දී වැඩ කරන ජනතාව ගේ අයිතින් කප්පාදු කිරිමට පියවර ගෙන ඇති බවය." 1987 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට මැයි දින සැමරුම තහනම් කලා.ලෝකයේ කමිකරුවන්ට තම අයිතින් දිනා ගන්න ඒ පිළිබදව පාරට බැහැල කතා කරන්න තියෙන දවසට බාධා කරන එක ප්‍රජාතන්ත්‍රවාදී නැ.ඒ නිසා එදා අපි අපේ අභයාරාමයේ නායක හාමුදුරුයවෝ එක්ක එකතුවෙලා ඒකාධිපත් ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මැයි දින සැමරුම අභයාරාම මේ පන්සලේදීම සිදු කලා.ඒකට පොලිසිය යොදවලා අපිට හිරිහැර කලා ඒ හිරිහැරයට ගොදුරුව පොලිස් වෙඩ් පහරින් අපේ සහෝදරයෝ දෙන්නෙක් මිය ගියා.

ඔවුන් ජිවිත පූජා කළේ අපි වෙනුවෙන්.වැඩ කරන ජනතාව වෙනුවෙන්.ඒ නිසා අපි ඔවුන් අමතක කරන්න හොද නැ.මෙවර කොවිඩ් වසංගය නිසා මැයි දිනය අපි සැලසුම් කල ආකාරයට සමරන්න නොහැකි වුනත් අපි වෙනුවෙන් දිවි පිදූ ඒ ආදරණියයන්ට පින් අනුමොදන් කරලා ඔවුන් සිහිපත් කරන එක අපේ යුතුකමක් හා වගකීමක්.වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපේ රජය මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් සුබ සාධන වැඩ රැසක් ක්‍රියාත්මක කරන්න සුදානම් කර තිබෙනවා.කොවිඩ් වසංගත තත්වය නිසා ඒවා ගේ යම් ප්‍රමාදයක් තිබුණත් ඒවා ඉටු කරවා ගැනීමට අපි රජයට බල කරමින් ඉන්නවා."යැයිද අමාත්‍යවරයා කිවේය.

අභයාරාමය මෙන්ම අපේ ආනන්ද නායක හාමුදුරුවොත් හැමදාම මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා.දැනටත් මෙරටේ ප්‍රබල වෘත්තීය සමිතියකට නායකත්වය දෙමින් ආනන්ද නාහිමියන් සිදු කරන සේවය අවතක්සේරු කරන්න පුළුවන්කමක් නැ.පෞද්ගලික ලාභ ප්‍රයෝජනයකින් තොරව ආනන්ද නාහිමියන් මෙරට හා මෙරටේ ජනතාව වෙනුවෙන් කරනු ලබන මෙහෙවර කිසිදාක අමතක කල නොහැකි බවද ඇමතිවරයා සදහන් කෙළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු යදාමිණි ගුණවර්ධන හා අග්‍රාමත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටි ආරච්චි යන මහතවරු ඇතුළු පිරිසක්ද සම්බන්ධ වී සිටියහ.