ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වළ කාලය අවසන්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල කාලය දැන් අවසන්. දැන් තිබෙන්නේ එම පක්ෂය ශක්තිමත්ව නැගී සිටින කාලයයි. හෙට මැතිවරණයක් පැවැත් වුනත් පසුගිය මැතිවරණවලදී ගත්තාට වඩා විශාල ජයග්‍රහණයක් ලබා ගතහැකි බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධව පක්ෂය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි අද දින (28) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍ය වේදීන් අමාත්‍යවරයාගෙන් විමසනු ලැබීය.
එහිදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා විසින් කළ ප්‍රකාශයක් අනුව මේ රටේ ඉරහඳ පවතිනා තුරු විනාශ කළ නොහැකි දේශපාලන පක්ෂයයි. වරින්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විවිධ හැළහැප්පීම්වලට මුහුණ දුන්නා. සමහර තැන්වල දී ඇද වැටුනා වගේම තවත් සමහර තැන්වල දී නැගී සිටියා. දුර්වළ වු හැම අවස්ථාවකම ඊට වඩා දෙගුණයකින් ශක්තිමත් වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුර්වල කාලය දැන් අවසන්. දැන් තිබෙන්නේ එම පක්ෂය ශක්තිමත්ව නැගී සිටින කාලයයි. හෙට මැතිවරණයක් පැවැත් වුනත් පසුගිය මැතිවරණවලදී ගත්තාට වඩා විශාල ජයග්‍රහණයක් ලබා ගතහැකි බව අපි දන්නවා. අපි රට පුරා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩ සටහන්වලට සහභාගි වන නිසා අද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් තුළ විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිවයින පුරාම හොඳ සංවිධාන ව්‍යුහයක් තිබෙන පක්ෂයක්.
ඒ නිසා මෙම පක්ෂය දුර්වළ කරන්න කිසිවෙකුටවත් නොහැකියි. ඒ වගේම පවතින රජය කිසිදු අයුරකින් අපහසුතාවයට පත් කිරීමේ තීරණවලට අපි යන්නේ නැහැ. ජනාධිපතිතුමන් සමග කළ සාකච්ඡාවේ දී වුනත් අපි කතා කළේ අපේ ප්‍රශ්න ගැන නොවෙයි. පොදුවේ රටේ ප්‍රශ්න ගැන. එතුමා සමග කළ සාකච්ඡාව ඉතා
සාර්ථකයි. අපේ දිස්ත්‍රික් සංවිධායකවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මුහුණ දෙන ගැටළු කිහිපයක් තිබුනා. ඒ සම්බන්ධවත් අපි සාකච්ඡා කළා.