බදුල්ලම කම්පා කළ අභිරහස් අතුරුදන්වීම- යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමෙන් වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි.

Report

 බදුල්ල රෝහලේ අතුරුදන් වූ බවට වාර්තා වූ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන තිබේ.

 බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන මෙම පුද්ගලයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිට ඇති නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව ඇත.

මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට ද නිරීක්ෂණය වී ඇත

පොලීසිය සදහන් කළේ එහිදී සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල - මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයාගත් බවයි .

ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද (24) දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී ඔහුගේ මළසිරුර මෙලෙස සොයාගෙන ඇත.

රාජකාරියේ සිටි බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරයා හදිසියේම අතුරුදන්- මෝටර් රථය ඇල මාර්ගයකින් හමු වෙයි

රාජකාරියේ සිටි බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරයා හදිසියේම අතුරුදන්- මෝටර් රථය ඇල මාර්ගයකින් හමු වෙයි