සංචාරක ක්ෂේත්‍රයේ අයටත් කොරෝනා එන්නත...

srilanka politics presanna ranatunga
By Nimal Jul 02, 2021 06:35 AM GMT
Report

 සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වසංගතය හමුවේ අර්බුදයකට මුහුණ දී තිබෙන සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සදහා කඩිනමින් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (01) පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරයා සඳහන් කළේය. සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නන්ට සහන ලබා දීමටත් නැවත ඔවුන්ගේ ජීවන මාර්ගය යථා තත්ත්වයට ගෙන ඒමටත් රජය පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් එය ඔවුන් වෙත සන්නිවේදනය වීමේ දුර්වලතා පවතින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

You may like this video


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මඩකලපුව සංචාරක සංවර්ධන සැලැස්ම හදන්නේ දේශපාලන අධිකාරියත් නිලධාරිනුත් එකතු වෙලා. ආණ්ඩු පක්ෂය වේවා විපක්ෂය වේවා එක සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා. රජයක් වෙනස් වුනත් ඒ සැලැස්ම එක දිගට ක්‍රියාත්මක කෙරෙන විදියටයි සකස් කෙරෙන්නේ. නිසියාකාර ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ එවිටයි. අපි රජයක් හැටියට කොවිඩ් වසංගතයට මුහුණ දෙන ගමන් විශාල වැඩ කොටසක් සිදුකරන්න අමාරු වුණත් මේ ක්ෂේත්‍රයෙ දියුණු කරන්න අපි උත්සාහ කරන්නේ ඒ ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන විදිහටයි.

සංචාරක ක්ෂේත්‍රයේ දියුණු කරන්න අපි මේ තරම් උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසන්නයි.මේ සැලසුම ක්‍රියාත්මක වෙනකොට ජනතාවගේ සහභාගිත්වයෙන් යුත් සැලැස්මක් විදියට ක්‍රියාත්මක වීමට අවශ්‍යයි. ලෝකේ හැම රටක්ම දියුණු වෙනකොට එවැනි වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා.ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරපු සියලු මන්ත්‍රීවරුන්ට මම අද ස්තුතිය පුද කරනවා. අපි ආන්ඩුවේ ඉන්නකොට විපක්ෂය කකුලෙන් අදිනවා.විපක්ෂය බලයට පත් උනහම තව පිරිසක් කකුලෙන් අදිනවා.අවසානයේ දී ජනතාව දුක් විඳිනවා.ඒ නිසා මේ අවුරුදු පහක කාලසීමාව තුළදී මේ කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව අපි කටයුතු කරනවා.

සංචාරක ක්ෂේත්‍රයේ සම්බන්ධ අත්දැකීම් තියෙන පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවනම් මේ ක්ෂේත්‍රයේ රැකගැනීම පහසුයි.සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරිකයින්ට කඩිනමින් කොවිඩ් එන්නත ලබා දෙන්න කටයුතු කරමින් තිබුණත් එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තොරතුරු සන්නිවේදනය වීමේ දී විශාල අඩුවක් මම දකිනවා යැයිද පැවසුවේය.