ගුවන්තොටුපල විවෘත වුවත් වියට්නාමයට අවසර නෑ....
SRILANKA
politics
d v chanaka
By Nimal
ගුවන්තොටුපල ජුනි 01 දා සිට විවෘත කළත්, වියට්නාමයේ සිට පැමිනෙණ මගීන්ට , තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහසතා පවසයි.
මිට අමතරව දින 14 ක් තුළ වියට්නාමයේ සංචාරයේ නිරත වූවන්ට හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට ද මෙරටට ඇතුළු වීමට අවසර ලබා නොදෙනු ඇත.
වියට්නාමය තුළ මේ දිනවල කොවිඩ් වසංගතයේ නව දෙමුහුන් ප්‍රභේදයක් පැතිර යන බැවින් මෙම තීරණයට එළඹි බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් සදහන් කරයි.