රෝහලකට රුපියල් කෝටියක පරිත්‍යාගයක් ......

srilanka health politics g a chandrasiri
By Nimal May 24, 2021 07:34 AM GMT
Report

 හම්බන්තොට පැරණි රෝහලේ ඉදිකරමින් පවතින රසායනාගාරය සදහා pcr යන්ත්‍රයක් හා අනෙකුත් උපකරණ මිලදී ගැනීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කොට තිබේ.

අදාල සමාගම මෙම පරිත්‍යාගය සිදු කොට ඇතතේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහත්වරුන්ගේ ඉල්ලීම කට අනුව ගුවන්තොටුපල සභාපති ,විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පවසයි.

අදාල රුපියල් කෝටියක මුදල ගුවන්තොටුපල සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් අදාළ ප්‍රදානය සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිලි ගන්වන ලදි. මෙම මුදල් පරිත්‍යාගය කරන අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රජයේ ඉහළ නිලධාරීහු සහභාගි වූහ.