බතික් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ....
බතික් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය මේ මස 26 වැනිදින සිට පුරා සතියක් කෙළඹ මහ නගරසභා භූමියේදී බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රදානත්වයෙන් පැවැත්වේ.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික මෝස්තර නිරූපන මධ්‍යස්ථානය ඉදිරිපත් කරන බතික් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කොළඹ මහ නගර සභාව සමග ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.
මෙම කාර්ය බතික් වෙසක් පහන් කූඩු තරගාවලියක් ලෙස පැවැත්වීමට අදහස් කර තිබුණ ද රටේ පවත්නා තත්ත්වය හමුවේ මහජන සහභාගිත්වයෙන් තොරව නිවසේ සිටින ජනතාවගේ මානසික සංතෘප්තිය උදෙසා මාධ්‍ය ප්‍රදර්ශනයකට පමණක් සීමා කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සියලුම විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කර ඇත.
ජනාධිපතිතුමන් ගෙනයන දේශීය නිෂ්පාදන ඉදිරියට ගෙනයන වැඩ පිළිවෙල මෙම ප්‍රදර්ශනය හරහා ඉදිරි පොසොන් පොහොය දිනයේ දී රටේ සියලු බෞද්ධ ජනයා දේශීය නිෂ්පාදිත බතික් රෙදපිළි යොදා ගනිමින් පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට උනන්දු කිරීම,දේශීය කර්මාන්තකරුවන් සඳහා නව වෙළඳපොලක් හඳුන්වාදීම,වෙසක් පහන් කූඩු සඳහා වාර්ෂිකව විදේශයන් වෙත ගලා යන මිලියන ගණනක දේශීය විනිමය මෙරට රඳවා ගැනීම,ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු වුවන් සඳහා ඇඟළුම් වලින් පරිබාහිර විවිධ වූ නිර්මාණකරණයේ යෙදීම සඳහා අනුබලදීම,ජනතාව දේශීය නිෂ්පාදන කෙරෙහි නැඹුරු කිරීමටද නියමිතය.
ජනාධිපතුමන් දේශීය නිෂ්පාදන ඉදිරියට ගෙන වැඩ පිළිවෙල අර්ථාන්විත කිරිමේ අපේක්ෂාවෙන් මෙවර බතික් වෙසක් කුඩූ ප්‍රදර්ශනය ක්‍රියාවට නංවා ඇත .මෙහිදි අගමැති මහින්ද රාජයක්ෂ මහතා වෙත බතික් නිර්මාණවලින් සැකසු වෙසක් කුඩුවක් දයාසිරි ජයසේකර මහතා පිලිගැන්වුහ.