විපක්ෂය බොරු වපුරන්නේ බලය ලබා ගැනීමේ සිහින බිදවැටෙන නිසයි...
. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් විපක්ෂය තවදුරටත් බොරු බියක් රට තුළ ඇති කරමින් සිටින බවත්, විපක්ෂය වරාය නගරයට එරෙහිව තවදුරටත් බොරු වපුරන්නේත් රටට ඇති ආදරය නිසා නොව බලය ලබා ගැනීමේ ඔවුන්ගේ සිහින බිදවැටෙන නිසා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
කොළඹ වරාය නගර පණත සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ගරු කරමින් බවත් රට තුළ පවතින්නේ නීතිගරුක ආණ්ඩුවක් බව එමගින් තහවුරු වු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මිනුවන්ගොඩ ප්‍ර දේශයේ අද (23) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචරණ සීමා පවතින කාලය තුළ මිනුවන්ගොඩ ප්‍ර දේශයේ අත්‍යවශ්‍යය ආහාර බෙදා හැරීමේ වැඩ සටහන පිළිබද මෙම සාකච්ඡාව පැවැත්විණ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය,මේ වරාය නගර ව්‍යාපෘතිය අපි කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවටත් මේ ව්‍යාපෘතිය හරහා රට චීන කොළණියක් බවට පත්වන බවටත් විපක්ෂය තවමත් චෝදනා කරනවා. විශේෂයෙන්ම කොවිඩ් අස්සේ මේ පණත පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කළේ ඇයිදැයි කියලා තමයි විපක්ෂය ප්‍රශ්න කරන්නේ. කොවිඩ් තත්ත්වට රට තුළ පැවතියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ප්‍රමාද කරන්න අපි සුදානම් නෑ. ඒ නිසයි අපි මේ රටේ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා මේ රටට විශාල ආයෝජන ප්‍රමාණයක් ලැබෙනවා. එමගින් මේ රට සංවර්ධනය කිරීමට අපිට හැකිවෙනවා. විපක්ෂය බය වෙලා තියෙන්නේ ඒකටයි. විපක්ෂය කැමති නෑ මේ රට සංවර්ධනය වෙනවට. රටට ආයෝජන එනවට. මොකද? මේ රටට ආයෝජන ඇවිත් රට සංවර්ධනය වුණාම විපක්ෂයට යනඑන මං නැතිව යනවා.
විපක්ෂය අද පෝර්ට් සිටියට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව ඒකයි. ඔවුන් දන්නවා පෝර්ට් සිටිය ක්‍රියාත්මක වුණාම රටට විශාල වශයෙන් ආයෝජන එනවා. රට දියුණු වෙනවා කියලා. එහෙම වුණාම ඔවුන්ගේ ආණ්ඩු බලය ලබා ගැනීමේ සිහින බොද වෙනවා. ඒකයි ඔවුන් තවමත් ආණ්ඩුවට හා පෝර්ට් සිටියට එරෙහිව බොරු බිල්ලක් මවන්නේ. පෝර්ට් සිටි පණත සැකසීම ආරම්භ කෙරුණේ පසුගිය යහපාලන කාලයේ දීයි. ඒ කාලයේ සකස් කළ පණත් කෙටුම්පත අවස්ථා දෙකක දී නීතිපති දෙපාර්තුමේන්තුව ප්‍රතික්ෂේප කළා. ඒ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා අභිබවා යන තරම් ප්‍රබල වීම නිසයි. වර්තමාන පණත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කළේ ආණ්ඩුවයි.ආණ්ඩුව මෙහි දී රටට තහවුරු වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන්නේ ආයෝජකයන්ගේ පහසුව සදහා සියලු රාජ්‍ය එක් ස්ථානයකින් සම්බන්ධිකරණය සදහායි.
මේ කොමිසමේ සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයායි. ඕනෑම අවස්ථාවක ඔවුන් ඉවත් කිරීමේ අවස්ථාව ද ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒ වගේම මෙම කොමිසමේ සභාපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු විය යුතුයි. සාමාජිකයන් බහුතරය ද ශ්‍රී ලාංකිකයන් විය යුතුයි. ඒ වගේම මේ වරාය නගර ව්‍යාපෘතියේ රැකියාවලින් 75%ක් ම
ලැබෙන්නේ මෙරට පුරවැසියන්ටයි. ආණ්ඩුවට එරෙහිව බොරු බිල්ලන් මවමින් ජනතාව උසිගැන්වීම අද විපක්ෂයේ එකම කාර්යය බවට පත්වෙලා තියෙනවා. ආණ්ඩුවේ බොහෝ කටයුතු වල දී විපක්ෂය කරන්නේ ඒකයි. විපක්ෂය එදා ආණ්ඩුවේ සිටිය දී වගේම අදත් කටයුතු කරන්නේ රටට සතුරු ප්‍රතිපත්තියක පිහිටලයි.