කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන් නීරෝගී පුරවැසියෙක් බිහිවෙයි....

srilanka politikcs mohan silwa
By Nimal May 18, 2021 09:07 AM GMT
Report

 වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාගැනීමේ අයිතිය සුරකිනු වස් මෙරට කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමෙන්  නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහිකල හැකි බව  ජාතික කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමති නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි

කෘෂිකර්මාන්තය මුලුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමට    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය රටක් වශයෙන් අප ලත් මහගු ජයග්‍රහණයකි.

රාජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ මෙතෙක් පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෙසින් තිබු අමාත්‍යංශය “''ජාතික කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ'' බවට පත්කළ අවස්ථාවේදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රසායනික පොහොර හා කෘමිනාශක ද්‍රව්‍ය ආනයනය පසුගියදා තහනම් කරන ලදී. අනෙකුත් රටවල් හා ගත්කල ශ්‍රී ලංකාව වැඩිපුරම පලිබෝධ නාශක සහ රසායනික පොහොර භාවිත කරන රටවල් අතර ඉතා ඉහළ ස්ථානයක් ගනී.

රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් පසට,ජලයට සිදුවන හානිය මෙන්ම වකුගඩු රෝග, පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ඍජුවම බලපානු ඇත. එම නිසා රසායනික පොහොර භාවිතයේදී ගුණාත්මක ආහාර වේලක් ජනතාවට ලබාගැනීමේ අයිතියට ඇති මහගු තර්ජනයක් වී ඇතැයිද මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය..