ගංවතුරින් පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන ....
ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මකවෙයි.
පසුගිය දින කීපය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධිකා වර්ෂාව හේතුවෙන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 7,408 ක් පීඩාවට පත්ව තිබේ. පීඩාවට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව 31,101 කි. එක් අයෙකු මිය ගොස් ඇති අතර නිවාස 199 කට හානි සිදුව තිබේ.
එක් නිවසකට සම්පූර්ණයෙන් ම හානි සිදුව ඇතැයි ගම්පහ දිස්‍ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි. ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්කයේ වැඩිම පවුල් හා පුද්ගලයන් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ බියගම මැතිවරණ බල ප්‍ර දේශයේ යි. එහි පවුල් 2537 ක පුද්ගලයන් 10,181දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත්වූවන්ට පිසු ආහාර හා වියලී ආහාර ලබා දීම මේ වන විට සිදුවේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කයේ ගංවතුර බැස යාමට අවශ්‍ය පියවර ගැනීමට පළාත් පාලන ආයතන ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති. නිවාස හානි සිදුවූවන්ට වන්දි ලබාදීම කඩිනම් කරන්න යැයි ඇමතිවරයා උපදෙස් දී තිබේ.
ඒ අනුව වන්දි ලබාදීම හා නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරම්භ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි. සියලුම ප්‍රා දේශීය ලේකම්වරු හරහා එය ක්‍රියාත්මකයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් ජලයෙන් යට වීම වැළැක්වීම සදහා රජයේ විශේෂ අධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ දි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයෙවීමෙන් දිස්ත්‍රික්කයේ ගංගා, ඇළ දොළ සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. අත්තනගලු ඔය, කැළණි ගග, දඩුගම් ඔය රොන් මඩ ඉවත් කිරීම ඒ අනුව සිදු කෙරුණු අතර නගර වල කාණු සුද්ධ පවිත්‍ර කොට ජලය බැසයාමේ ක්‍රමවේදයක් ද සැකසිණි.
ඊට අමතරව නගර වල අනවසර ඉදිකිරීම් ඉවත්කිරිමට ද පියවර ගැණින.
එහෙත් පසුගිය යහපාලන කාලසීමාවේ දි එය ක්‍රියාත්මක නොවු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නැවත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.