සම්මත කර ගත් යොජනාවට ශ්‍රි ලංකාව විරෝධය පල කරයි..

srilanka politics dines gunawardana
By Nimal May 11, 2021 08:09 AM GMT
Nimal

Nimal

Report

. කැනඩාවේ ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇති අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත  සම්මත කිරීමට  ඔන්ටාරියෝ උප ආණ්ඩුකාරවරිය විසින්  ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන ලෙස විදේශ  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රි ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ගෙන් ඊයේ  (10) ඉල්ලා සිටියේය.  

ඉකුත්  06 වන දින ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කර ගෙන ඇති අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත  සම්මත කිරීම පිළිබඳව රජයේ දැඩි කනස්සල්ල පළ කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැති බව තහවුරු කර ඇති කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවක් ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සොයා ගෙන ඇත් දැයි   අමාත්‍යවරයා ප්‍රශ්න කෙළේය. 

මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, මෙම 104 දරන පනත් කෙටුම්පත හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට, සාමය ගොඩනැගීමට හා පොදුවේ ද්විපාර්ශ්වික සබඳතාවලට ඇති විය හැකි හානිය පිළිබඳව විස්තර කළේය.