මල් වගාකරුවන් සදහා මූල්‍ය හා අලෙවිකරණ වැඩසටහනක්...
. දිවයින පුරා විසිරී සිටින මල් වගාකරුවන් සදහා මූල්‍ය හා අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් සැකසෙයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සිය උපදෙස් පරිදි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරන බවයි.
මේ යටතේ මල් වගාවේ යෙදී සිටින ගොවීන් සංවිධාන ගත කිරීම , සංවිධාන ගත වූ මල් වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම , උසස් තත්ත්වයේ රෝපන ද්‍රව්‍ය, වගා කටයුතු සදහා අවශ්‍ය උසස් තත්ත්වයේ ආනයනය කළ මල් පැළ හා යටිතල පහසුකම් සැපයීම, හා මල් වගා කරුවන් සදහා වෙළදපළ සම්බන්ධතා ඇතිකර දීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව මල් වගාව පිළිබදව දැනුම හා කුසලතා වැඩිදියුණු කරමින් වගා කරුවන් සවි බල ගැන්වීම සදහා පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
මේ සම්බන්ධයෙන් මල් වගා කරුවන් සමග මේ වන විට කථිකාවක් ආරම්භ වී ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගනිමින් ඒ අනුව වැඩ සටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ඇමතිවරයා සියළුම උද්භිද උද්‍යාන වල මල් හා පැළෑටි අලෙවිසැල් ස්ථාපිත කිරීමටත් ඒවා වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර ඇති බවත් සදහන් කරයි.