බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ වැඩ වසරකින් නිම කරයි.
ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ජනතාවගේ ජල අවශ්‍යතා සැපිරීමේ රජයෙ වගකීමක් බවත් එම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (20) අත්තනගල්ල කරස්නාගොඩ පැවැති බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි. චමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සඳහා එක්වු අවස්ථාවේදීය.
මෙම ජල ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ආරම්භ කර ඇති නමුත් යහපාලන රජයේ නොසැලකිල්ල හේතුවෙන් ඉදිකිරීම් අතරමග නතරව ඇත.වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව ජනතාවගේ ජල අවශ්‍යතාවයට මූලිකත්වය දෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ 6 පමණ ජල අවශ්‍යතාවය සැපරීම සඳහා යෝජිත බස්නාගොඩ ජල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ගත්තේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. මේ වැව ඉදිකිරීමෙන් පසුව ග්‍රමසේවක වසම් හාරසිය ගණනකට ජලය ලබා දෙනවා. මේ ජලාශය ඉදිකිරීමට සිය ඉඩම් පරිත්‍යාග කළ සියලු දෙනාට අමාත්‍යංශයේ ගෞරවය පුද කරනවා. මේ පරිත්‍යාගය නිසා ලක්ෂ 6ක පමණ ජල අවශ්‍යතාවය පිරිමැහෙනවා. ජලාශය ඉදිකිරීම සඳහා නිවාස 97 ඉවත් කරලා තිබෙනවා. ඉඩම් අක්කර 285 ක් මේ ව්‍යාපෘතියට යටවෙලා තිබෙනවා. ඒ අයට නැවත නිවාස හදාගන්න ඉඩම් ලබා වගේම වන්දි ලබා දෙන්නත් රජය පියවර ගන්නවා. අපේ රජයක් ආරම්භ කරපු ව්‍යාපෘතියකින් ජනතාවට හානියක් සිදුවෙලා නැහැ. අපි ජනතාව අසතුටට පත්කරලා නැතැයිද පැවසුවේය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් ,චීන වර්නීය ණය යෝජනා ක්‍රමය යටතේ ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ද ජල සම්පාදන ව්‍යාපෘතියක් වශයෙන් මෙම බස්නාගොඩ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වුනේ 2010 අගෝස්තු 29 වෙනිදායි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා මුල්ම අවබෝධතා ගිවිසුම 2010 නොවැම්බර් 15 වෙනි දින අත්සන් කලා.
රුපියල් මිලියන 33,060 කට චයිනා මැෂීනරි ඉංජිනියරින් කොපරේෂන් ආයතනයට මෙම කොන්ත්‍රාත්තුව ප්‍රධානය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි වුනේ 2013 මැයි මස 09 වෙනිදායි. ඊට අදාල කොන්ත්‍රාත් ගිවිසුම 2013 මැයි 15 වෙනිදා අත්සන් කලා. මේ ව්‍යාපෘතියට මුල්වුනේ එවකට ආර්ථීක සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතායි. කොහොම වුනත් මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2015 බලයට පත් වුනු යහපාලන ආණ්ඩුව විවිධ හේතු දක්වමින් ප්‍රමාද කලා. මේ පිළිබද විවිධ පරීක්ෂන කරලා කරන්න දෙයක් නැති තැන යහපාලන ආණ්ඩුව හරියට තමන්ගේ ව්‍යාපෘතියක් වගේ 2017 පෙබරවාරි 19 වෙනිදා ඉදිකිරීම් ආරම්භ කලත් එයත් නිසි ලෙස ක්‍රියාත්මක වුනේ නැහැ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වුනාට පස්සේ අපි මේ ව්‍යාපෘතිය කඩිනම් කලා. ව්‍යාපෘතියේ තක්සේරු වාර්ථා ගැනීම පිළිබදව ගැටළුවක් මතුවුනාම මම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත් බව මට මතකයි.
අද මේ ව්‍යාපෘතිය යටතේ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය සදහා මංගල පස් පිඩැල්ල කැපීමට මම සහභාගී වුනේ ඉතාමත් සන්තෝෂයෙන්.යහපාලනය විසින් මුඩු බිමක් බවට පත්කළ රට වත්මන් ආණ්ඩුව නැවත වැඩ බිමක් බවට පත් කරමින් තිබෙන බවට හොදම සාක්ෂියක් තමයි මේ.
මේ ව්‍යාපෘතියෙන් මගේ දිස්ත්‍රික්කයේ ගම්පහ අත්තනගල්ල,මිනුවන්ගොඩ, මීරිගම, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාම සේවා වසම් 443 ක් ආවරණය වෙනවා. නව ජල සබදතා 110,000 ලබා දෙමින් 600,000 කට අධික ජනතාවකට මෙගින් සෙත සැලසෙන බවද පැවසුවේය.