සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වයි.
සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සෞදි අරාබියේ මෙම.රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සවුදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත්, එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය..
ඒ අනුව එම කතුන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට ද සෞදි රජය එකඟත්වය පළ කර තිබේ.ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අනුව එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට අවසර ලබාදීම පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ ද, ගුවන්තොටුපල බලධාරීන් සමඟද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවට අදාල කොවිඩ් මර්දන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවන්ට අනුකූලව ඉතා ඉක්මනින් මෙම කතුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්,එහි දී ඔවුනට අවශ්‍ය පහසුකම් සලසාදීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත්, අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා පවසයි
.
ඒ අනුව සවුදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් 156 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.