රාජකාරි කිරීමේදී මහජතාව අවම කළ යුතුයි...
පරිසර අමාත්‍යාංශය රාජකාරි කටයුතුවල දී කඩදාසි භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති නව වැඩ පිළිවෙළ යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කටයුතුවල දී හැකි තාක් මහජනතාව අවම වශයෙන් යොදා ගනිමින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් වැලි, ගල් හා පස් රජයේ සංවර්ධන වැඩ කටයුතු වලට ලබා දීමේ දී ඒ සඳහා පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ද උපදෙස් ලබා දී තිබෙන්නේ හැකිතරම් එම කටයුතු මහජනතාව ප්‍රධාන කාර්යාලයට ගෙන්වීමෙන් තොරව මහජන දුරස්ථභාවය පවත්වා ගනිමින් තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.
විශේෂයෙන් කොඩිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ද මෙම මහජන දුරස්ථභාවය පවත්වාගෙන යාම ඉවහල් වන බවත් එමනිසා එම වැඩ පිළීවෙළ කඩදාසි භාවිතය අවම කිරීමට පමණක් නොව සෙසු කාරණා සඳහා ද වැදගත් වන බව ද ලේකම්වරයා කීය.
දැනට අප රටේ රාජකාරි කටයුතුවල දී අසාමාන්‍ය ලෙස කඩදාසි භාවිතා කිරීම නිසා රාජ්‍ය මුදල් අපතේ යයි.
විශේෂයෙන්ම ලිපි ගොනු පවත්වාගෙන යාමේ දී ඇති වන ගැටළු සහගත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බවත් ලේකම්වරයා කීය. මේ වනවිට එම ආයතනය විසින් එම උපදෙස් පරිදි කටයුතු කරන අතර ඉදිරි කාලය තුළ මෙම අත්දැකීම රටේ සෙසු රාජ්‍ය ආයතන සඳහා ද හඳුන්වා දීමට ද පරිසර අමාත්‍යාංශය කටයුතු
යොදා තිබේ.