හැදුනුම්පත් කාර්යාලය මහජනතාවට විවෘත නොවේ-නමුත් හදිසි හැදුනුම්පත් හදයි...

srilanka Identy wiyani gunathilaka
By Nimal May 02, 2021 08:34 AM GMT
Nimal

Nimal

Report

 කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් ඉදිරිපත්කර ඇති මාර්ගෝපදේශ අනුව මහජනතාව ඒකරාශීවීම වැලැක්වීම සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියළු පලාත් කාර්යාල නැවත දැණුම්දෙන තුරු මහජනතාව සදහා විවෘත නොකෙරෙන බව එහි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

එසේ වුවද ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා කොවිඩ් වසංගත තත්ත්වය මේ වනවිට කිසිදු බාධාවක් නොවී පවතින බැවින් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිීරීමේ දෙපාර්තුමේන්තුවේ කාර්යාල හරහා අයදුම්පත් භාරගැනීම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

මහජනතාව සදහා ඉදිරිදිනවල විවෘත නොකෙරුණද ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා අයදුම්පත් යොමු කල අයගේ හා දින හා වෙලාවන් වෙන්කර ගත් සියළුම අයදුම් කරුවන් සදහාද ජාතික හැදුනුම්පත් එදිනම හෝ ඊට පෙර සකස්කර තැපැල් මගින් ඹවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද වියානි ගුණතිලක මහතා පවසයි.

විභාග කටයුතු ,සම්මුඛ පරීක්ෂණ හා විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට වැනි හදිසි අවශ්‍යතා සදහා ජාතික හැදුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන් තම හදිසි අවශ්‍ය තාවය සදහා ප්‍රධාන කාර්යාලයේ 0115226126-0115226100,දකුණු පලාත් කාර්යාලයේ 0912228348,වයඹ පලාත් කාර්යාලයේ 0372224337,නැගෙනහිර පලාත් කාර්යාලයේ 0652229449,උතුරු පලාත් කාර්යාලයේ 0242227201 යන දුරකථන අංකයන්ට කථා කොට සිය සේවාවන් ලබා ගැනීමට හැකිවෙයි.

එහිදී හදිසි අවශ්‍යතා ඇති අයදුම් කරුවන් සදහා කඩිනමින් හැදුනුම්පත් සකස් කිරීමට සදහා විශේෂ වැඩ පිළිවෙලක් දියත් කොට ඇතැයිද වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.