රෝහල්වලට රු. මිලියන 2.4ක් වටිනා සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාගයක් ...

srilanka health sudarsane
By Nimal Jul 16, 2021 10:41 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගතයට මුහුණ දීම සදහා ශ්‍රී ලංකාවේ රොහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය රුපියල් මිලියන 2.4ක් වටිනා නවීනතම සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් අද (15) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.රෝහල්වලට රු. මිලියන 2.4ක් වටිනා සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාගයක් ... | Srilanka Health

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය සදහන් කර සිටියේ කොවිඩ් වසංගතයේ තුන්වැනි රැල්ල පවතින අවස්ථාවේදී රෝගී සත්කාර සේවාව වෙනුවෙන් පරිත්‍යාගශීලීන් එකතු කරගෙන ලංකාවේ අසරණ රෝගීන් වෙනුවෙන් ඉතාමත් වටිනා උපකරණ පරිත්‍යාග කිරීමට නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය කටයුතු කර තිබීම වැදගත්කොට සලකන බවයි.රෝහල්වලට රු. මිලියන 2.4ක් වටිනා සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාගයක් ... | Srilanka Health

මීට පෙරද කුලියාපිටිය රෝහලට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම සිහිපත් කළ අමාත්‍යවරිය මෙම උපකරණ වලින් සිදුකෙරෙන කාර්යද සිහිපත් කරන ලදි. මේ යන්ත්‍රය හරහා කොවිඩ් ආසාදනයෙන් හුස්ම ගැනීම අපහසු ඔක්සිජන් අවශ්‍ය අය වෙනුවෙන් ඔක්සිජන් ලබාදීම මෙම යන්ත්‍රයෙන් සිදුකෙරෙන බැවින් එය ඉතාම වටිනා පරිත්‍යාගයක් ලෙස සලකන බවත් මෙවැනි පරිත්‍යාගයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් තමන් ස්තුතිවන්ත වන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා වෛද්‍ය රසිකා ලියනගේ මහත්මියද මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය යෝගේෂ්වරා මහතා පැමිණ සිටි අතර රත්නපුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා පියතුමා විසින් අදාල රෝහල් වෙත එම පරිත්‍යාගයන් සිදුකරන ලදි.

මෙම පරිත්‍යාගය සිදුකිරීම සදහා නිව් සවුත්වේල්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය වෙනුවෙන් එහි සභාපති රුක්ෂාන් ඇන්තනි මහතා මැදිහත්වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ රේමන් ප්‍රනාන්දු මහතා සහ ඇග්නස් පීන්තු මහත්මිය විසිනි. මෙම අවස්ථාවට රත්නපුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා පියතුමා සමග ශ්‍රී ලාල් ප්‍රනාන්දු පියතුමා, ජූඩ් නිකලස් පියතුමා, ටෙක්ලා ප්‍රනාන්දු කන්‍ය සොයුරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ ඉංජිනියරින් මෙඩිකල් ඒකකයේ නිලධාරීන් එක්විය