මාර්ගෝපදේශ පිළි පදින්නැත්නම් දඩය රුපියල් 50,000 /-කළයුතුයි...
මිලියන 200 ක් වැනි විශාල මුදලක් කැබිනට් මණ්ඩලයෙන් කොවිඩ් රෝග මර්ධනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුමත කර ඇති බැවින් ලංකාවේ සෑම පලාතකටම අඩුම තරමින් එක් හෘද කැතිටරීකරණ රසායනාගාරයක් ලබා දිමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඇමතිතුමිය එසේ පැවසුවේ ,
රුපියල් මිලියන 250 ක වටිනාකමකින් කළුතර නාගොඩ මහ රෝහලේ ස්ථාපිත කළ හෘද කැතීටරීකරණ රසායනාගාරය (catheterization laboratory) අද දින (23) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කළ අවස්ථාවේදීය.
තෝරාගත් රජයේ රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීමේ චීන ව්‍යාපෘතිය යටතේ කළුතර නාගොඩ රෝහලට අත්‍යාවශ්‍යව පැවැති මෙම හෘද කැතීටරීකරණ රසායනාගාරය ලැබී ඇත. හෘදයාබාධයක් ඇති වූ විට හෘද රෝගියාගේ කිරීටක ධමනි අවහිර වේ. එම අවහිර වී ඇති කීරීටක ධමනි පැය එකහමාරක් වැනි කාලයක දී ස්ටෙන්ට්ස් එකක් දැමීමෙන් නැවත විවෘත කර ගත යුතු වේ.
රෝගියාගේ ජිවිතය බේරා ගැනීම සදහා එය සිදු කළ යුතු හදිසි ප්‍රතිකර්මයකි. එම ශල්‍යකර්ම කටයුතු සදහා හෘද කැතීටරීකරණ රසායනාගාරය යොදා ගනු ලබයි. මිලියන 22 ක් වන කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහ යාබද දිස්ත්‍රික්කවල සියළු ජනතාව සදහා මෙයින් අද දින සිට සේවාවන් ලබාගත හැකි වේ. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “අපේ බලාපොරොත්තුව ලංකාවේ හැම පළාතකටම අඩුම තරමේ එක් හෘද කැතීටරීකරණ රසායනාගාරයක් ලබාදීමයි. මිලියන 200 ක් වැනි විශාල මුදලක් කැබිනට් මණ්ඩලයෙන් නැවැත සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුමත කළා කොවිඩ් රෝග මර්දන කටයුතු වෙනුවෙන්. කොවිඩ් රෝගය මර්දනය කර අපට මේ රට බේර ගන්න පුළුවන්.
ඒ සදහා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. පළමු සහ දෙවැනි කොවිඩ් රැළි අපට මර්දනය කළ හැකි වුවා නම් තුන්වන රැල්ල මර්දනය කරනවා කියන එක අපහසු කාර්යයක් නොවෙයි. අපි එම ඉළක්කය ඇතිවයි කටයුතු කරන්නේ. ඒ සදහා අපි නීති පැනවූවාම ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනි. මාර්ගෝපදේශ නොපිළිපදින අය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය එකතු වෙලා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ක් ලෙස වෙනස් කරලා හරි මේ රෝගය මර්දනය කරන්න අපි ඉළක්කගතව වැඩ කරනවා.”
කළුතර රෝහලට මෙතෙක් නොතිබුනු මෙම රසායනාගාරය තුලින් පැය 24 පුරාම සේවාව ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සදහා අවශ්‍ය ස්ටෙන්ස්, වයර්බැලුන් ඇතුලු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය ස්තූතිය පුද කරන බවත්, සියළුම හෘද ප්‍රතිකර්ම සිදු කළ හැකි සියළු වෛද්‍ය උපකරණ වලින් මෙම ඒකකය සමන්විත බව කළුතර මහ රෝහලේ හෘද රෝග ඒකකය භාරව කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා හ විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මිය මෙහිදී පැවැසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, අනිල් පැස්කුවෙල් යන මහත්වරුන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.