මෙතෙක් ඉදිකරනු ලැබූ විශාලතම කොවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය.....(PHOTO)
රුපියල් මිලියන 20 ක වියදමකින් මධ්‍යම පළාතේ මෙතෙක් ඉදිකරනු ලැබූ විශාලතම කොවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කුණ්ඩසාල මහමෙව්නා භාවනා අසපුවේ දම් සභා මන්ඩපය සකස් කොට සෞඛ්‍ය අංශ වෙත අද බාර දුන්හ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා සහ මධ්‍යම පළාත නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අංශ වෙත බාරදීම සිදු කෙරිණ.
රුපියල් මිලියන 20 ක වියදමක් දරා ස්ථාපනය කරනු ලබන මෙම කොවිඩ් අතුරු ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා අවශ්‍ය කරන ඇදන් (750) ක ප්‍රමාණය, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු ආයතනය විසින් සපයන ලදි.
ඉදිකිරීම් කටයුතු සදහා මධ්‍යම පලාත් සභාව සහ MAS හෝල්ඩින්ස් ආයතනය විසින් මුල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, අතිරේකව සියලු ඉදිකිරිම් සහ නඩත්තු කටයුතු ශ්‍රීලංකා යුධ හමුදාවේ 11 වන සේනාංකය විසින් ඉටු කර ඇත.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව විසින් මෙම මධ්‍යස්ථානය සෞඛ්‍යාරක්ෂිත පවත්වා ගෙන යාම සදහා පුර්ණ සහාය ලබා දීමටත්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතාගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමටත්, 11 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කිත්සිරි ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් ආහාරපාන සහ ආරක්ෂාව සැපයීමටත් සැලසුම් කෙරේ..