මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බස් ලලිත්ගේ සියලු පැටිකිරිය එළියට

Report

ඩුබායි හි සිට අද (25) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ 2025 වසරේ ඔක්තෝබර් 25 වෙනිදා පොලිස්පතිවරයා වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වෙමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

ඩුබායිහිදී ඇල්ලූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බස් ලලිත් දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී ඇල්ලූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බස් ලලිත් දිවයිනට රැගෙන එයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මනුෂ්‍ය ඝාතන, බරපතළ තුවාල සිදුකිරීම, කප්පම් ගැනීම් සහ දේපළ ගිනි තැබීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති සැකකරු දැනට මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් භාරයේ රඳවා ගැනීමේ නියෝග මත පසුවේ.

එමෙන්ම ඔහුගේ අනීතික දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.

වාහන අමතර කොටස් ආනයනය පිළිබඳව අසුබ ආරංචියක් - 50%ක තීරු බද්දක්

වාහන අමතර කොටස් ආනයනය පිළිබඳව අසුබ ආරංචියක් - 50%ක තීරු බද්දක්

2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 42ක් මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර රතු නිවේදන සහිත තවත් සැකකරුවන් 109දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව රතු නිවේදන නොමැතිව සිටි සැකකරුවන් 38දෙනෙකු ද මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට සමත් වී ඇත. එමෙන්ම පසුගිය වසර තුන තුළ පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 3,878ක දේපළ රජය සතු කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, 2024 වසරේදී රුපියල් මිලියන 1,549ක් ද, 2025 වසරේදී තවත් මිලියන 1,549ක් ද, 2026 වසරේ ගත වූ මාස කිහිපය තුළ මිලියන 839ක දේපළ ද මෙලෙස රජය සතු කරගැනීමේ මූලික කටයුතු සිදුකර තිබේ.

අදාළ සියලු දේපළ මහාධිකරණයේ විභාග වන නඩුවලින් අනතුරුව සම්පූර්ණයෙන්ම රජය සතු කර ගැනීමට නියමිතය.