රුපියල තවත් ශක්තිමත් වෙයි- බැංකු කිහිපයකම ඩොලරයේ මිල තවත් අඩු වෙයි

Report

ශ්‍රී ලංකා රුපියල අද (25) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත් වී තිබේ.

වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාත කිහිපයකම පහළ යාමක් වාර්තා වී ඇති අතර, ඇතැම් බැංකුවල එය රුපියල් 332.50 දක්වා අඩු වී ඇත.

සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 324.75ක් සහ විකුණුම් අනුපාතය රු. 334.00ක් ලෙස පෙර අගයන්හිම පවතී.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 324.50 සිට රු. 324.00 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 333.50 සිට රු. 333.00 දක්වාත් පහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ ගැනුම් අනුපාතය රු. 325.04 සිට රු. 324.45 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රු. 333.10 සිට රු. 332.50 දක්වා පහත වැටී ඇත.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 323.10 සිට රු. 322.60 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 333.00 සිට රු. 332.50 දක්වාත් අඩු වී තිබේ.

සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතය රු. 325.00 සිට රු. 324.50 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 333.00 සිට රු. 332.50 දක්වා අඩු වී ඇත.

ඒ අනුව, අද දිනයේදී වාණිජ බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාත පහළ යාමක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව දැකගත හැකිය.