කොවිඩ් රෝහල් වලට සහන රැසක් ...

srilanka health dalas alahapperuma
By Nimal May 21, 2021 01:57 PM GMT
Nimal

Nimal

Report

කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් අඩු පහසුකම් ඇති වැලිගම හා දික්වැල්ල දිසා රෝහල සදහා ඇදන් දහසක් හා ඊට අදාල උපකරණ තොගයක් විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත ඊයේ බාරදෙන ලදිකොවිඩ් රෝහල් වලට සහන රැසක් ... | Srilanka Health

. ලංකා විදුලිබල පුද්ගලික සමාගම හා ලෙකෝ ආයතනයේ අනුගහයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩ සටහන සිදු කරන ලදි.මෙහිදී ඇදන් 1000 ට අදාලව ඇදන් සදහා අවශ්‍ය මෙට්ට ,ඇද ඇතිරිලි ,මදුරුදැල් ආදියද ලබාදීමට පියවර ගෙන ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ,ඉංජිනේරු විජිත හේරත් ,ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති අතුලද සිල්වා ,සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා ,යන මහත්වරු ඇතුලුව ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්,සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගිවුහ.

මෙහිදිී රෝහල් නීරීක්ෂණයෙන් පසුව ඹක්සිජන් ලබාදීමේ විධිමත් පද්ධතියක් සකස්කර දීමටද ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ උපදෙස් මත රෝහල් ප්‍රධානීන්ගේ හා කාර්ය ම මණ්ඩලය එකගතාවය ලබාදෙන ලදි.